එළැඹෙන ජනාධිපතිවරණය ට තමා තරග නොකරන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසයි.

තම පක්ෂයේ සහ රටේ.යහපත ගැන සිතා තමා එම තීරණය ගත් බව බයිඩන් පැවසීය.

අමෙරිකානු ජනාධිපතිවරණය එළැඹෙන නොවැම්බර් මාසයේදී පැවැත්වෙයි.

අමෙරිකානු ජනාධිපති වරයා සිය තීරණය නිවේදනය කර ඇත්තේ සිය සමාජ මාධ්‍ය ඔස්සේය.

“ඔබේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කිරීමට ලැබීම මගේ ජීවිතයේ ලොකුම ගෞරවයයි. නැවත තේරී පත්වීම මගේ අභිප්‍රාය වී තිබුණත්, මා ඉදිරියේදී එළඹෙන ජනාධිපතිවරණයෙන් ඉවත් වී වත්මන් ජනාධිපතිවරයා ලෙස මාගේ ඉතිරි ධූර කාලය සඳහා පැවරී ඇති වගකීම් ඉටු කිරීම මගේ පක්‍ෂයේ සහ රටේ යහපතට හේතු වන බව මම විශ්වාස කරමි” යනුවෙන් ජනාධිපති ජෝ බයිඩ්න් සඳහන් කර තිබෙනවා.

balavegaya FB IMG 1721587025800