ජනතාව වෙනුවෙන් ජනතාව කරන යෝජනා පාර්ලිමේන්තුවට ගෙන ගොස් ඔවුන් වෙනුවෙන් මැදිහත්වීමේ ප්‍රශස්ත වෑයමක් උදෙසා ජාතික මහජන සභාව පිහිටුවන බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

යමෙක් මහ මැතිවරණයකින් හෝ ජනාධිපතිවරණයකින් ජයගෙන නැවත වරක් ජනතාව හමුවට යන්නේ වසර 5කට වරක් බවත් එසේ නොමැතිව සහභාගීත්ව ප්‍රජාතනත්‍රවාදය ක්‍රියාත්මත කිරීම සදහා ක්‍රමවත් වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට ක්‍රමයක් නොමැති වීම ජනතා පීඩනයට හේතුවක් බවත් ඒ නිසා ජනතාව සහ පාලකයා අතර නිවැරදි අදහස් හුවමාරුවක් සිදුවිය යුතු බවත් ඒ තුළින් වැරදි ගමනක් යන පාලකයා නිවැරදි ගමනක යන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (26) පැවසීය.

වසර 5කට වරක් මැතිවරණ සමයේ පමණක් ජනතාව හමුවට යනවාට වඩා සැම මොහොතකම සහභාගීත්ව පාලනය ක්‍රියාත්මක විය යුතු බව කී විපක්ෂ නායකතුමා , අරගලයේ නිරත ජනතාව ඉල්ලන්නේද එවැන්නක් බවත් පැවසීය.

වසර 74ක පාලනයට චෝදනා කරන 225 එකයි යනුවෙන් හදුන්වන මොහොතක විපක්ෂ නායක කාර්යාලය සැම පක්ෂයක්ම ජාතියක්ම නියෝජනය කරන මහජන සභාවක් බවට පත් කිරීමට තීරණය කළ බවත් එහි කැදවුම්කරු ලෙස තිස්ස අත්තනායක මහතා සහ ලේකම්තුමා ලෙස මුජිබර් රහුමාන් මහතාත් පත්කරන ලදී.  සෑම සදුදාම සවස 2ට මෙකී මහජන සභාව රැස් වේ.

පවතින ආණ්ඩුවටත් එය ආදර්ශයක් විය වුතු බවත් එය නෛතික වැඩසටහනක් බවට පත්විය යුතු බවත් ලක්ෂ 220ක් වු ජනතාව වෙනුවෙන කරන යෝජනා විපක්ෂයක් ලෙස ප්‍රායෝගිකව ක්‍රියාත්මක කොට, පාර්ලිමේන්තු සභාවේ ප්‍රශස්ත හඩකින් එළි දක්වා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත් විපක්ෂ නායකතුමා පැවසීය. 

විපක්ෂ නායක කාර්යාලය නඩත්තු වන්නේ ජනතා මුදලින් වන අතර එහි ප්‍රශස්ථ කාර්යන් 2ක් මේ වන විටත් සිදුවන බවත් විපක්ෂනායකවරයා පැවසීය. ඕණාම සභාවකට පුද්ගලයකුට එහි පැමිණ යෝජනා ඉදිරිපත් කළ හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.