බංකොලොත් වූ රට බංකොලොත් භාවයෙන් මුදවා ගැනීමට කටයුතු කිරීමට තිබෙන මෙම අවස්ථාවේදී නව මැතිවරණ ක්‍රමයක් පිළිබඳව සමාජ කතිකාවතක් ඇති කරමින් රට ගොඩනැගීම පිළිබඳව තිබෙන කතිකාවත යටගැසීමට ආණ්ඩු පාර්ශවය කටයුතු කරන බව අද(16) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි තිස්ස අත්තනායක මහතා පැවසීය.

මෙවැනි මාතෘකා කරලියට ගෙන එමින් රටේ ප්‍රධාන මාතෘකාව අමතක කරවීමට කටයුතු කරන බව ඔහු පැවසීය.

මේ වන විට රටේ ජනතාවගේ ජීවත් වීමේ අරගලය ඉතාමත් දරුණු තත්වයකට පත්ව ඇති බවත් රටේ ආර්ථිකය නිසි තැනට ගෙන ඒමේ මාර්ගයවත් තවම උදා කර නැති බවත් රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුවේ මූලික පොරොන්දුව වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිබඳව විවිද ගැටළුකාරී තත්වයන් තිබෙන බවත් විදේශීය ණය ගැතියන් ගේ ණය ප්‍රතිව්යුහගතකරණය පිළිබඳව කතිකාව තවමත් අවසන් වී නැති බවත්
එතුමා පැවසීය.

මෙම මාධ්‍ය සාකච්ඡාවේ දී තිස්ස අත්තනායක මහතා අවධාරණය කරමින් පැවසුවේ ජනතාවගේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වන මැතිවරණ පැවැත්වීම කුමන හේතුවක් නිසාවත් යටපත් කිරීමට සමගි ජන බලවේගය ඉඩ නොදෙන බවත් ජනාධිපතිවරණය නොපැවැත්වීමට ගන්නා ඕනෑම තීන්දුවකට එරෙහිව සියලු බලවේග ඒකරාශී කරගත් වැඩපිළිවෙලක් හරහා ක්‍රියාත්මක වන බවයි.

මේ වන විටත් පළාත් පාලන මැතිවරණය, පළාත් සභා මැතිවරණය නොපවත්වා ජනතාවගේ පරමාධිපත්‍ය අයිතියේ කොටස් කිහිපයක් උදුර ගෙන ඇති බවත් මෙය සම්පූර්ණ නීති විරෝධී ක්‍රියාවක් බවත් 2024 වසරේ සැප්තැම්බර් මාසයෙන් පසු ජනාධිපතිවරණය අනිවාර්යෙන් පැවැත්විය යුතු බවත් මැතිවරණ නොපැවැත්වීමට වත්මන් රජය ගන්න කිසිදු ක්‍රියාමාර්ගයක් සාර්ථක නොවන බවත් එතුමා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

තිස්ස අත්තනායක මහතා මෙම මාධ්‍ය සාකච්ඡාවේදී වැඩිදුරටත් පැවසූ අදහස්,