2024 දෙසැම්බර් 15 වැනිදා දක්වා ‘පරාටේ නීතිය’ ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ පවසයි.

අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ සහ කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ යන අයගේ ඉල්ලීමකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය කොළඹ දී ඊයේ (26) රැස්විය.

බැංකුවකින් උකස් ණයක් ලබාගෙන අදාළ ණය නොගෙවා සිටින විටදී අධිකරණයක් හමුවේ නඩු පැවරීමකින් තොරව එම දේපළ පවරා ගැනීමට බැංකුවලට පරාටේ නීතිය යටතේ අවකාශ හිමිවේ.

මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවාසයකයන් රැක ගැනීමේ අරමුණෙන් පරාටේ බලතල නිශ්චිත කාලයකට අත් හිටුවීම පියවර ගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.