අද වනවිට මේ ආණ්ඩුව හත්පොලේ ගාගෙන ඉවර බවත් ආණ්ඩුවේ අසාර්ථක කළමනාකාරිත්වය තුළ වැඩ බැරි ජනතා ද්‍රෝහී ආණ්ඩුව මේ වෙනකොට රටේ ජාතික සම්පත් තුට්ටු දෙකට විකුණන බවත් ආණ්ඩුව චීනය, ඉන්දියාව, ඇමරිකාව වැනි රටවල රූකඩ බවට පත්වී ඇතැයි සමගි අධ්‍යපන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රියන්ත පත්බේරිය මහතා පැවසීය.

අද රටේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ කන්ටේනර් ටික මුදවා ගන්න බැරි ආණ්ඩුව ආහාර හිඟයකට පාර කපා ඇති බවත් රටේ මිනිස්සුන්ට තුන්වේල කන්න දෙන්නෙ බැරි ජනතාවට අවශ්‍ය ආහාර ටික දෙන්න බැරි ජනාධිපතිවරයෙක් අග්‍රාමාත්‍යවරයෙක් කැබිනට් මණ්ඩලයක් මොකටද කියලා රටේ ජනතාව පෝලිම් වල ඉඳන් ප්‍රශ්න කරන බව ද පැවසීය.

චීනයේ කාබනික පොහොර නැවට ඩොලර් මිලියන 6.7ක් ගෙවන්න ආණ්ඩුව කොච්චර චීනය නටවනවද කිව්වොත් දිගින් දිගටම කිව්වා පොහොර නැවට සල්ලි ගෙවන්නේ නැහැ කියලා එම පොහොර බෝග වගාවට සුදුසු නැති බවට පර්යේෂණ වලින් හෙළි වුණා නමුත් ආණ්ඩුව ණයවර ලිපි නිකුත් කරලා .ඩොලර් හිඟයක් තියෙන ආර්ථික අවපාතයක ,රටේ මිනිස්සුන්ට පාන් කියාගන්න බැරි වෙලාවක මේ මුදල ගෙවදිදී කෘෂිකර්ම ඇමති ඉන්නේ රෙදි ඇඳගෙනද බව පැවසීය පත්බේරිය මහතා මේ බව කියා සිටියේ (09) දින විපක්ෂ නායක කාර්යාලයේ දීය.