රටේ බහුතර ගොවිජනතාව අනාථ වී සිටින බවත් වී ගොවිතැනින් අභිමානවත් ජීවිතයක් ගත කළ වගා කටයුතුවලින් සශ්‍රික වූ ජනතාවගේ පවුල් පිටින් ජන ජීවිතය විනාශ කොට ඇති බවත්, සිය අරමුණ වන්නේ සියලු ගොවිජනතාවට අභිමානවත් ලෙස ජීවත් විය හැම හැකි ලෙස කෘෂිකර්මය නගා සිටුවීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 

මේ රට විනාශ කළේ රාජපක්ෂලා බවත්  ඉතිහාසය දෙස හැරී බැලුවොත් රාජපක්ෂලාට බලය දුන්නේ කවුද කියා රටම දන්න බවත් ඔවුන්ට රජ කිරුළ පළන්දවා රජ මාලිගාවල තිබ්බේ ජනතා විපක්ෂ පෙරමුණ බවත් විපක්ෂ නායකතුමා පැවසීය.  දැන් එන්නේ ගෝටා අංක 2 බව කී විපක්ෂ නායකතුමා, දැන් එන්න උත්සාහ කරන්නේ රාජපක්ෂලාට කිරුළු පැළැන්දුව ජනතා විමුක්ති පෙරමුණ බවත් විපක්ෂ නායකතුමා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියේ ඊයේ පොළොන්නරුවේ පැවති ජන හමුවක් අමතමිනි.

  හොරුන්ට උප්පැන්න දීලා හොරුන්ව පෝෂණය කළ වේදිකාවල උගුර ලේ රහ වෙනකම් කෑ ගහලා හොර රජ පවුලක් හොර රජ පුත්තු බිහි කරපු මේ අය කොහොමද හොරු අල්ලන්නේ කියා තමන් ප්‍රශ්න කරන බව ද විපක්ෂ නායකතුමා පැවසීය.