ලිට්‍රෝ ගෑස් සහ ලාෆ්ස් ගෑස් නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීම සඳහා ගෑස් තොග නොලැබීම හේතුවෙන් ගෘහස්ථ ගෑස් නිෂ්පාදන හා බෙදා හැරීමේ ක්‍රියාවලිය තාවකාලිකව අත්හිටුවා ඇති බව එම සමාගම් දෙක විසින් නිවේදනය කර තිබෙනවා.

එමෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශ වල ගෘහස්ථ ගෑස් සිලින්ඩර මිලදී ගැනීම සඳහා ගෑස් ට්‍රක් රථ පැමිණීම අපේක්ෂාවෙන් බෙදාහැරීමේ මධ්‍යස්ථානවලින් පිටත ජනතාව රැඳී සිටිනු දක්නට ලැබුණා.

මේ අතර ගෑස් මිලදී ගැනීමට පැමිණි පිරිසක් ගෑස් නොමැති නිසා සිදු කරන විරෝධතාවක් නිසා, අද උදෑසන හෝමාගම නගරයෙන් හයිලෙවල් මාර්ගය අවහිර වී තිබෙනු දක්නට ලැබුණා.