හදිසියේම හෙට දිනයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විවෘත කිරීමට කටයුතු කර තිබෙන ගාල්ල නව අධිකරණ සංකීර්ණයේ ගැටලු රාශියක් මේ වන විට හෙළි වී තිබේ.
හෙට විවෘත්ත කිරීමට නියමිත රජයේ ප්‍රධාන ගොඩනැගිල්ලක් වන මෙම අධිකරණ සංකීර්ණයේ වයර් කැබලි එල්ලී තිබෙන හැටි දැකගැනීමට ලැබෙන අතර එහි විදුලිය ලබාගැනීම සහ විදුලිය ලබාගැනීමෙන් අනතුරුව වරලත් විදුලි ඉංජිනේරුවරයෙකුගෙන් ලබාගතයුතු තක්සේරුවවත් මේ වන විට ලබාගෙන නොමැති බවයි අනාවරණය වන්නේ. එවැනි පසුබිමක් තුළ හදිසියේ විවෘත්ත කිරීමට කටයුතු කරන මෙම ගොඩනැගිල්ල තුළ ජිවිත හානියක් සිදුවුවහොත් එහි වගකීම ගන්නේ කවුරුන්ද ?
මෙම ගොඩනැගිල්ලෙහි නීතිඥ කාර්යාල, වැසිකිලි පද්ධති, පඩිපෙළ අත්වැටවල් යන ආධී මේ කිසිවක් නිමකර නොමැති අතර විවෘත්ත කිරීමේදී ඉදිරියට නිරුපනය වන කොටස් පමණක් කපරාරු කර ඇති බවයි එහි සිටින අප මාධ්‍යවේදියෙකු අනාවරණය කළේ. මෙම නොමනා ක්‍රියාව මේ වන විට අධිකරණ ගොඩනැගිල්ල ඉදිකරන ශිල්පීන්ගේ පවා දැඩි දෝෂාරෝපණයට ලක්ව තිබෙන අතර මාධ්‍යවේදීන්ට මෙම ගොඩනැගිල්ලට ඇතුලත්විමද තහනම් කර තිබේ.
අප කළ විමසීමකදී එහි ඉදිකිරීම් කටයුතු වල නිරතවන ශිල්පීන් කියා සිටියේ මෙම ගොඩනැගිල්ල නිමකිරීමට අඩුමතරමින් තවත් මාස 6ක් වත් ගතවන බවයි.
අධිකරණ සංකීරණයේ තාප්පය පවා කිසිඳු අනුමැතියක් නොමැතිව තවමත් ඉදිකරමින් පවතින අතර හෙට දිනයේදී විවෘත්ත කිරීමට නියමිත මෙම ගොඩනැගිල්ල ඉදිරිපිට බිමට ඇතිරීමට ගෙන ආ තණකොළ සහ විශාල මඩවලක් මත ගොඩගසා තිබෙන බිම ඇතුරුම් ගල් ද දක්නට ලැබේ.
චන්දිම වීරක්කොඩි මහතාගේ යෝජනාවකට අනුව ඉදිකිරීමට අනුමැතිය ලැබූ මෙම ගොඩනැගිල්ලට 2015 කාල වකවානුවේදී රනිල් වික්‍රමසිංහ සහ වජිර අබේවර්ධන විශාල දෝෂාරෝපණයක් සිදුකළ අතර අප කළ විමසීමකදී චන්දිම වීරක්කොඩි මහතා කියා සිටියේ මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමට විරුද්ධව රනිල් වික්‍රමසිංහ ඇතැම් නීතිඥවරුන් සමඟ ගාලු දිස්ත්‍රික්කයේ විවිධ සාකච්ඡා පැවැත්වූ බවත් එකල කැබිනට් මණ්ඩලය තුළ රනිල් වික්‍රමසිංහ විසින් මේ පිළිබඳව විශාල නොසන්සුන් තත්වයක්ද ඇතිකළ බවයි.
තවමත් නිමකර නොමැති මෙම ගොඩනැගිල්ල හෙට දිනයේදී විවෘත්ත කිරීමට රටේ අගවිනිසුරුතුමාද එම ස්ථානයට පැමිණීමට නියමිත අතර නිසි අවසරයක් හෝ ලබාගෙන නිමකර නොමැති මෙම ගොඩනැගිල්ල තුළ හදිසි අනතුරක් සිදුවුවහොත් එහි වගකීම බාරගන්නේ කවරෙකුද, නිසි අවසරයෙකින් තොරව තවමත් නිමකරමින් පවතින ගොඩනැගිල්ලක් විවෘත්ත කිරීමට රටේ අගවිනිසුරුතුමා ගෙන්වීම ඔහුගේ නිලයට සිදුකරන අගෞරවයක් නොවේද ?
ජනතා මුදල් මිලියන 1200ක මුදලක් වැයකර හෙට(19) දිනයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විවෘත්ත කිරීමට නියමිතව තිබෙන ගාල්ල අධිකරණ සංකීරණ භූමියේ අද දිනයේදී ලබාගත් ඡයාරුප