පසුගිය කාල වකවානුවේ සිට මේ දක්වා දීර්ඝ කාලයක් පුරාවට Sri Lanka Cricket ක්‍රීඩාවට අත්ව තිබෙන ඉරණම හේතුවෙන් වර්තමානය වන විට දේශපාලන අධිකාරිය තුළත් සමස්ත සමාජය තුලත් මේ පිලිබදව වැඩි කතාබහට ලක්ව තිබේ. පසුගියදා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මන්ත්‍රීවරයා Sri Lanka Cricket ආයතනයේ පාලන අධිකාරිය විසින් සිදුකල අත්තනෝමතික ක්‍රියාවන් පිලිබදව කළ විශේෂ හෙලිදරව්ව හෙතුකොටගනිමින් මෙම සංවාදය සමාජය පුර ඇති වූ අතර අද පාර්ලිමේන්තු සැසි වාරයේ දී ද Sri Lanka Cricket ආයතනයේ ක්‍රියා කලාපය පිලිබදව දීර්ඝ සංවාදයක් පැවැත්විණි.

අද පාර්ලිමේන්තු කල් තැබීමේ විවාදය අමතමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ Sri Lanka Cricket ආයතනයේ වංචා දුෂණ පිලිබඳව දීර්ඝ පැහැදිලිකිරීමක් කර යෝජනාව ඉදිරිපත් කල අතර මෙම පාර්ලිමේන්තු  කල්තැබීමේ යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ විසින් ස්ථිර කරන ලදි.

සභාව අමතමින් හේෂා මන්ත්‍රීවරයා කියා සිටියේ මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් සංගමය ඉතාමත් දූෂිත ආයතනයක් වී තිබෙන බවත් ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයේ කාර්යයන්ට ක්‍රීඩා ඇමතිවරයටවත් ඇත පෙවිය නොහැකි බවත් ක්‍රිකට් ආයතනය එසේ තිබුයදී ප්‍රාදේශීය වශයෙන් පවතින ක්‍රිකට් පාලනතන්ත්‍රය මුදල් උපයන ව්‍යාපාරයක් සහ දූෂිත දේශපාලන දාරාවේම ගොදුරක් වී ඇති බවත්ය.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් මෙන්ම ප්‍රගතිශීලි පීරිස්, දුෂණයෙන් පිරී ක්‍රිකට් ක්‍රීඩාවක් ගොඩනැගීමට උත්සහ දරන අවස්ථාවේ පවා එක් එක් පාර්ශවයන්ගෙන් තර්ජන ගර්ජන ඇතිවෙමින් තිබෙන බවයි.


Sri Lanka Cricket ආයතනයේ ක්‍රියා කලාපය පිලිබදව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අදහස්,

පසුගිය කාලය පුරාවටම අප රටේ ක්‍රිකට් ක්‍රිඩාවට අත්ව ඇති ඉරණම සම්බන්ධයෙන් කණගාටුවට පත්වන බවත් මහා ඛේදනීය තත්ත්වයක් නිර්මාණය වීමට හේතුව ලෙස සැලකිය හැක්කේ ආයතනික දේශපාලන සහ සම්ප්‍රදානුකුල දේශපාලනය බවත් ආනා පුංචිහේවා මහතාගේ කාලයෙන් පසු දේශපාලන ඇගිලි ගැසීම් දැඩිව සිදු වු බවත් මේ නිසා තනි බලඅධිකාරියක් ලෙස ව්‍යාපාරික මාෆියාවන් පවා මීට එකතු වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඡන්ද.ක්‍රමය හා බලපුළුවන්කාරකම් නිසා ආයතනික දේශපාලනය සහ සාම්ප්‍රදායික දේශපාලනය මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට පැමින ඇති බවත් මේ නිසා මෙරට ක්‍රිකට් ක්‍රීඩාව පහල මට්ටමකට වැටී ඇති බවත් ඒ නිසා අවිවාදයෙන් එහි වෙනසක් සිදුවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ගම්මට්ටමේ සිට ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂ තරුණයින් ඉහලට ගෙන ඒකම ක්‍රමවේදයක් සකස් කල යුතු වුවත් පාසල් ක්‍රීඩාවේ සිට හරියාකාර වැඩපිළිවෙළක් නොමැති බවත් දේ්ශපාලන අතගැසිම් නිසා තමන්ට  රුචි ක්‍රීඩකයන්ට මුල් තැන ලබා දීම සිදුව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙහි පැහැදිලි වෙනස් ඇති විය යුතු බවත් ඒ සදහා ලෝකයේ පැහැදිලිවම සාර්ථක ලෙස ක්‍රිකට් පරිපාලනයක් ඇති රටවල් ආදර්ශයට ගතයුතු බවත් ව්‍යාපාරික අවශ්‍යතා මත ක්‍රිකට් ක්‍රීඩාවෙ බලය අතට ගන්නවා වෙනුවට විනිවිදභාවයකින් යුක්තව එය ක්‍රියාත්මක කරන්නේ කෙසේද කියා සොයා බැලිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ක්‍රිකට් ක්‍රීඩාව තමන්ගේ භූදලයක් බවට පත් කර ගැනීමම මෙහි පරිහානියට හේතුවක් බවත් මේ තත්ත්වය වෙනස් කර ලෝකයේ විනිවිදභාවයෙන් යුක්තව ක්‍රීකට් පරිපාලනයක් සිදු කරන රටවල් ආදර්ශයට ගෙන කුඩාකාලයේ සිට ක්‍රිකට් ක්‍රීඩාවට හුරුකරන සංස්කෘතියක් අඇති කල යුතුබවත් විපක්ෂ නායකවරයා මෙහිදී පැවසීය.

සක්වල වැඩසටහන ක්‍රියාත්මක කිරිමට යාමේදී එම පාසල් වල දරුවන් තුල ක්‍රිකට් ක්‍රිඩාව හැදැරිමට උනන්දුවක් ඇති බව පෙනී ගිය අතරම සමහර පාසල්වල ඒ සදහා ගුරුවරු සහ පුහුණුකරුවන් නොමති බවත් දෙමාපියන් එකතු වි මුදල් ලබා දී ගුරුවරු ගෙන්වා පුහුනු කරන බවත් මේ සදහා හරිහැටි පරිපාලනයක් සිදුවී නිවැරදි මග පෙන්වීමක් සිදු වුයේ නම් අප රටේ ක්‍රිකට් ක්‍රිඩාව නිවැරදි මාවතකට යොමුකරවා ගත හැකි බවත් මෙහි දි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ක්‍රිකට් සදහා නව ව්‍යවස්ථාවක් හා නීති පද්ධතියක් අවශ්‍ය බවත් ඒ තුලින් වි්දිමත් පරිපාලනයක් සිදු විය යුතුබවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ඒ සදහා දේශපාලන ඇගිලි ගැසිමි සහ බලවත් ව්‍යාපාර පවුල්වල අත්තනෝමතික ඇගිලි ගැසිම් නතර විය යුතු බව යි.

පාර්ලිමේන්තු තුළ සමහර දේශපාලඤයිනි සෛරීතිවය ප්‍රජාතන්ත්‍රවාදය ගැන මැතිවරණ ළං වෙද්දි කතා කලාට මහා ව්‍යාපාරිකයන් විසින් ගම්බද තරුණයිට ක්‍රිකට ක්‍රිඩාව සදහා යොමුවිමට ඇති ඉඩකඩ සීමා කරන විට සද්ද නැති බවත් මේ නිවටකමින් වහා මිදිය යුතු බවත් නව පනත් ගෙනවිත් නිර්දේශපාලනීකරනය වු විනිවිද වූ ක්‍රමවේදයක් ස්ථාපිත කල යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම ගජමිතුරන්ට,ධනවාදින්ට, ව්‍යාපාරිකයන්ට දානපතින්ට බලපුලුවන්කාරයොන්ට මේ ක්‍රිකට කියන මැණික් ඉල්ලුම විනාශ කිරිමට ඉඩ දිය නොහැකි බවත් මේ ඉල්ලුමේ සදාකාලික හිමිකාරයා විය යුතුතේ තරුණ තරුණියන් බැවින් මේ වෙනස ඇති කරන වෙනසකට යා යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.


විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල, ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ, සමගි ජන බලවේගයේ මහා ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න, නව ලංකා නිදහස් පක්ෂයේ නායක කුමාර වෙල්ගම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් දයාසිරි ජයසේකර ආධී මහත්වරුන් දුෂණයෙන් තොර Sri Lanka Cricket ආයතනයක් නිර්මාණය කල යුතු බව පැවසු අතර  කිසිදු පාර්ශ්වයකට යටත් නොවී ක්‍රිකට් නැංවිමට නව අණ පනත් ගෙන ඒමට එකගත්වල පලකරන ලදි.