මාතර දිස්ත්‍රික්කයට බලපා ඇති ගං වතුර තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් පිරිස හරියාකාරව ගණනය කර නොමැති බවත් අපදා කළමනාකරණ අංශ සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නිකුත් කරන සංඛ්‍යා ලේණනවල අඩුපාඩු තිබෙන බවත් ඊයේ (10) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට සහබාගී වෙමින් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පැවැසීය.

රජය අධාර දීම අවම කරන්න, භාණ්ඩාගාරයේ සල්ලි ටික ඉතුරු කරගන්න නිවැරදි සංඛ්‍යා ලේඛන පෙන්වීමෙන් වැළකී සිටිනවාදැයි සැකයක් මතුව තිබෙන බවද ඒ මහතා හෙතෙම සඳහන් කළේය.

කඹුරුපිටිය, තිහගොඩ, කිරින්ද, අකුරැස්ස, දෙවිනුර ප්‍රදේශවල ග්‍රාම සේවා වසම් කිහිපයක අපදාවන්ට ලක්වූ පිරිස කොපමණදැයි නිකුත් කළ සංඛ්‍යාලේඛනවල පරස්පරතා තිබෙන බවත් ඒ මහතා කීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් බුද්ධික පතිරණ මහතා පැවසුවේ නිල්වලා ගඟේ ඉදිකළ ලවණ බාධකය යහපත් චේතනාවෙන් කළ ව්‍යාපෘතියක් වුවත් ඒ ව්‍යාපෘතිය සඳහා 2020 සිට සිදුකළ වෙනස්කම් නිසා කෘෂිකර්මාන්තයට, මාතර ජනතාවගේ දෛනික ජන ජීවිතයට, රටේ සහ භාණ්ඩාගාරයට බරපතල හානි සිදුවන ව්‍යාපෘතියක් බවට පත්වී ඇති බව ගොවි සංවිධාන ප්‍රකාශ කරන බවත්ය.

“නිල්වලා ගගේ ව්‍යාපෘතිය සමඟ ආරක්ෂිත සහ අනාරක්ෂිත කියලා ප්‍රදේශ දෙකක් තියෙනවා. ආරක්ෂිත ප්‍රදේශයේ ජලය බැස යන්න පොම්පාගාර තුනකින් ජලය ඉහිනවා. පොම්පාගරවලින් ජලය ඉවත් කරන්න ඊයේ වෙනකොට ඩීසල් සඳහා මිලියන 30 ක් ගිහින් තියෙනවා.”

වැඩිදුරටත් අදහස් දැක්වූ බුද්ධික පතිරණ මහතා මෙසේ පැවැසීය.