මෙවර අයවැය යෝජනාවක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප හිමි විමට නම් වසර 10ක් පාර්ලිමේන්තුවේ සිටිය යුතු බව පැවසූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා කියා සිටියේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මීට පෙරත් වසර 5ක් සිටි නිසා ඔහුට මෙම වසර 5න් පසුව වසර 10 සම්පූර්ණ වීමෙන් විශ්‍රාම වැටුප හිමි වන බවයි .

චමින්ද විජේසිරි මහතා කියා සිටින්නේ ඇමරිකානු පුරවැසියෙකු වූ බැසිල් රාජපක්ෂ මහතාට විශ්‍රාම වැටුප හිමි වුවත් පසුපෙළ මන්ත්‍රීවරුන් අමතක කළ ඇති බවත් ඔවුන්ට විශ්‍රාම වැටුප නොලැබෙන බැවින් මේ යෝජනාව බැසිල්ගේ ටිකිරි මොලේ යෝජනාවක් යනුවෙන් මන්ත්‍රීවරයා කියා සිටියේය.

කෙසේ වෙතත් මෙම යෝජනාව හොද යෝජනාවක් කිවු චමින්ද විජේසිරි මහතා කියා සිටියේ අයවැයෙන් පසුපෙළ මන්ත්‍රීවරුන් ද අමතක කළ ඇති බවයි .

මේ අදහස් දැක්වූයේ ඊයේ (22) පාර්ලිමේන්තුවේ දීය.