ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස ඉදිරිපිට සමගි වනිතාවන් විසින් ඉන්ධන මිල ඉහල යාමට , පෝලිම් නිර්මාණය විමට, අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල ඉහල නැංවීමට එරෙහිව දැවැන්ත විරෝධතාවයක් අද සවස සිදු කළේය .

මෙය සංවිධාන කළේ සමගි වනිතා බලවේගය මගින් වන අතර එයට නායකත්වය ලබා දුන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීණි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියයි .

මේ වනවිට ආණ්ඩුව සම්බන්ධ පිරිසක් විසින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ නිවස ඉදිරිපිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව සිදු කළ විරෝධතාවයට ප්‍රති ප්‍රහාරයක් වශයෙන් විරෝධතාවයක් කිරිමට සුදානම් වන බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි .

ඇය කියා සිටින්නේ ආණ්ඩුවට සම්බන්ධ පිරිසක් විසින් මෙය සිදු කරන බවයි

ඇය වැඩි දුරටත් කියා සිටියේ ඇයගේ නිවසට හෝ දරුවන්ට සුළු හෝ හානියක් ඔවුන් සිදු කළහොත් පොලිසියේ පැමිණිලි කරන බවත් එයින් ඔබ්බට ජත්‍යන්තරයට ගෙන යන බවයි .

එවිට ජනාධිපතිවරයාට එ සම්බන්ධයව පිළිතුරු දිමට සිදු වන බව ද, ඇය පැවසීය .

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සමගි වනිතාවන් ජනාධිපති නිවසට පැමිණියේ ජනතාව විදින දුක පිළිබඳ ලිපියක් ජනාධිපති වෙත භාර දිමට පැමිණිය බවත් එම ලිපිය ජනාධිපතිවරයාගේ ලේකම් වරයෙකු ට ලබා දුන් බවත් එයට අමතරව ජනාධිපතිවරයාගේ කිසිදු දෙයකට හානියක් නොකර බව ද, ඇය කියා සිටියාය .