විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා සහ ජලනි ප්‍රේමදාස මැතිතුමියගේ ප්‍රදානත්වයෙන් සිදු කරනු ලබන වාර්ෂික කඨින පිංකම් මාලාව මෙවර ඓතිහාසික සෝමාවතී රජමහා විහාරයේදී නොවැම්බර් මස 4 සහ 5 යන දෙදින තුල සිදු කිරීමට කටයුතු සම්පාදනය කොට ඇත.
සෝමාවතී රජමහා විහාරයට පූජා කිරීමට නියමිත කඨින චීවරය අද ඔක්තෝබර් මස 30, සඳුදා කොළඹ 7, සර් මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයයට සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ සහ එම මැතිණියගේ ප්‍රදානත්වයෙන් වැඩම කරවන අතර සවස 4 සිට පසුදා පහන් වනතුරුම මහ ජනයා සඳහා වන්දනාමාන කිරීමට විවෘත්ත කර තිබේ.
ඓතිහාසික සෝමාවතී රජමහා විහාරයේ ප්‍රදාන කඨින පුණ්‍යෝත්සවයට සමගාමීව එම විහාර භූමියේ ඇති ඉපැරැණි සෙල්ලිපි සංරක්ෂණය කිරීමේ කටයුත්ත සඳහාද ජලනි ප්‍රේමදාස මැතිණිය අනුග්‍රාහකත්වය සපයා ඇත.
මීට අමතරව, නොවැම්බර් මස 25 වන දිනට පැවැත්වීමට කටයුතු යොදා ඇති තන්තිරිමලේ රජමහා විහාරයේ කඨින පුණ්යෝත්සවයද සජිත් ප්‍රේමදාස මහතාගේ සහ එම මැතිණියගේ දායකත්වයෙන් සිදු කිරීමට නියමිත අතර අබලන්ව ඇති එම විහාරස්ථානයේ වලාකුළු බැම්ම් ප්‍රතිසංස්කරණය කිරීමද කඨින පුණ්‍ය කර්මයට සමගාමීව සිදු කිරීමට නියමිතව ඇත.