අම්පාර දිස්ත්‍රික්කයේ එක්තරා පෞද්ගලික ආයතන දෙකක් මගින් එතනෝල් වැඩි මිලට අලෙවි කිරීමෙන් රජයට අහිමි වන මුදලට ආණ්ඩුව, මුදල් අමාත්‍යාංශය හා විෂයභාර අමාත්‍යවරයා ගන්නා ක්‍රියාමර්ග මොනවාද යන්න සමගි ජන බලවේගෙය් මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ ආණ්ඩුවෙන් ප්‍රශ්න කර සිටියේය.
මෙසේ ප්‍රශ්න කර සිටියේ අද(27) විපක්ෂ නායක කාර්යලයේ දීය
වැඩි දුරටත් පැවසූ බුද්ධික පතිරණ මන්ත්‍රිතුමා
“රජය අපට පැහැදිලි උත්තරයක් දෙන්න ඕන මේ දවස්වල දිගින් දිගටම මාධ්‍ය වාර්තා පළ වෙනවා රජයට රුපියල් මිලියන 2,500 50 ක් අහිමි කරන එතනෝල් සම්බන්ධ කාර්ය. මොකද රජය එතනෝල් ලීටර් රාජ්‍ය සමාගම් දෙකට ලීටරයක් රුපියල් 550ට අලෙවි කරද්දි මේ රටේ අම්පාර පිහිටි එක්තරා පෞද්ගලික සමාගමක් එතනෝල් ලීටර් එකක් නිෂ්පාදනය කරලා රුපියල් 805- 835 අතර අලෙවි කරනවා එහෙම බලනකොට එකෙන් අවම වශයෙන් රුපියල් දෙසීය පනස් පහක මුදලක් රජයට අහිමි වෙනවා අවුරුද්දකට මේ සමාගම් දෙක ඒ තෙරුන් නිෂ්පාදනය කරනවා ලීටර් මිලියන දහයක් ඒ බලන විට 255 රුපියල් මිලියන 10න් වැඩි කරාම රුපියල් මිලියන 2550 පියල් බිලියන 2.5 ක් අහිමි වෙනවා ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ මොකද කියන්නේ. විෂය භාර ඇමති රාජ්‍ය ඇමති මොකද කියන්නේ මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග මොනවද කියලා කාරණය අපි දැනගන්න කැමතියි ඉතාම නරක තත්ත්වයක් රුපියල් බිලියන දෙක හමාරකට වැඩි ප්‍රමාණයක් අහිමි වීම.එය නොවිය යුතුයි.මොකද මේ රටේ මූල්‍ය අර්බුදය පියවන්නේ ආණ්ඩුව සල්ලි අච්චු ගහලා ඒ නිසා අද මේ වගේ කඩතොලු ගණනාවක් තියෙනවා. ඒව දිගින් දිගටම අපි කිව්වා සතොස පරිගණක මෘදුකාංග පද්ධතිය පිළිබඳව අධිකරණ පද්ධතියේ පරිගණක මෘදුකාංග මැලේසියාවට දීම සම්බන්ධව මත් වතුර බෝතලේ ස්ටිකරය සම්බන්ධ මේ සියල්ල සම්බන්ධයෙන් අපි කතා කරා නමුත් රජය මුනිවත රකිනවා සමගි ජන බලවේගයේ සමහර දේශපාලන නායකයන් කතා කරන දේවල් වලට හැරෙන තැපෑලෙන් උත්තර දෙනවා වෙනත් දේශපාලන සංවිධාන චෝදනා එල්ල කරන කොට හැරුණු තැපෑලෙන්ම උත්තර දෙනවා ආණ්ඩුවෙි සුසිල් ප්‍රේම ජයන්ත මහත්තයා එළවළු මිල ගැන කතා කරනකොට හැරෙන තැපෑලෙන් ඇමැතිකම නැති වෙනවා අපි මේකෙම සම්බන්ධයෙන් නෑසූ කනින් ඉන්නවා අද සහ බිහිරි ලෙස හැසිරෙනවා.ආණ්ඩුව ප්රතිපක්ෂය සහ මේ රටේ ප්‍රධාන විපක්ෂය ට ඇහුම්කන් දෙන්න සූදානම් නැහැ වගේම මේ කියන ඒවට උත්තරත් නැහැ ඒ වගේම ආණ්ඩුව තමුන්ට තියෙන තුනෙන් දෙක විධායක බලය රාජ්‍ය නිලධාරී බලය මිලිටරි බලය අනෙකුත් බලයන් පාවිච්චි කරලා මේ දේවල් ඕනනෑ කියලා උද්දච්ච ස්වරූපයෙන් කටයුතු කරනවා. මේ නිසා කරුණාකරලා මේ රුපියල් බිලියන 2.5 25 ක් අහිමි වීම් පිළිබඳ උත්තර දෙන්න”.