අද උදෑසනම කෝප් කමිටු සාමාජිකත්වයෙන් වසන්ත යාපා බණ්ඩාර මහතාත් ඉවත් වී තිබේ.
කෝප් කමිටු සාමාජිකත්වයෙන් තමන් ඉවත්වන බව වසන්ත යාපා බණ්ඩාර මහතා අද පාර්ලිමේන්තුව හමුවේ නිවේදනය කර තිබෙන බවයි මර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරන්නේ.
ඊයේ පාර්ලිමේන්තු විවාදයෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ, සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාරණ, දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු Shanakiyan Rasamanickam ද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවෙන් (COPE) ඉල්ලා අස්වී තිබුණා.
එමෙන්ම පසුගිය (18) වන දින සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතාගේ ඉවත් වීමෙන් පසු ඊයේ දිනයේදී එස්.එම්. මරික්කාර් , කෝප් කමිටුවේ හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා සහ දයාසිරි ජයසේකර මහතාද කෝප් සාමාජිකත්වයෙන් ඉල්ලා අස් වූ අතර ඒ අනුව මේ වන විට කෝප් කමිටුවේ සමස්ත සාමාජිකයින් තිහකගෙන් නියෝජිතයින් නවදෙනෙකු ඉවත් වී තිබේ.