පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා ඕමාන් තානාපති අල්-ෂෙයික් ජූමා හම්දාන් අල්-ෂෙහී මහතා හමුවී ද්විපාර්ශ්වික සබඳතා සහ ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය පිළිබඳව සාකච්ඡා කළේය.

දෙරට අතර පවතින දිගුකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවන බව ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පැවසීය.