අධිකරනයෙන් වැරදිකරුවන් වූ ආර්ථික ඝාතකයන්ට නඩු පවරන්නේද ?, ඔවුන්ගෙන් වන්දි මුදල් අය කර ගන්නේ ද? යනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇසූ ප්‍රශ්නයට දිගින් දිගටම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් බාධා කිරීමත් සමඟ අද පාර්ලිමේන්තු සභාව විනාඩි පහකට පහකට කල්තබන ලදි.
එහිදී පොහොට්ටු මන්ත්රීවරුන් විපක්ෂනායකවරයාට බාධා කරමින් කෑ ගසද්දී සිය කතාව දිගටම කරගෙන යාමට විපක්ෂනායකවරයා කටයුතු කළද පසුව පොහොට්ටු මන්ත්රීවරු ඊට එරෙහිව සබා ගැබ මැද්දට පැමිණ විරෝධය පළ කළ ආකාරයක් දැකගත හැකිවිය.
එම අවස්ථාවේදී රාජ්ය අමාත්ය සනත් නිශාන්ත මහතා විපක්ෂනායකවරයා අසලටම ගොස් තර්ජනාත්මකව අදහස් පළකරද්දී විපක්ෂ මන්ත්රීවරුන් සජි්ත් ප්රේමදාස මහතාට ආරක්ෂාව සපයමින් ඒ මහතා වටකරගෙන සිටි ආකාරයක් දක්නට ලැබිණ.
පසුව කතානායකවරයා සභාව මිනිත්තු 5කට අත්හිටුවීමට පියවර ගත්තේය.