සමගි ජනබලවේගයේ ආර්ථික කමිටුව සිදුකළ අභියෝගය ජනතා විමුක්ති පෙරමුණේ ආර්ථික කමිටවුව මගහරින බවක් පෙනෙන්නට තිබෙන බවත් එම අභියෝගය භාර නොගෙන ජනතා විමුක්ති පෙරමුණ නොයෙකුත් ආකාරයේ කතා කියන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවැසීය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මේ බව සඳහන් කළේ අද (07) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින්.

වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවැසුවේ, ජනතා විමුක්ති පෙරමුණේ ආර්ථික ප්‍රතිපත්තිය මාලිමාවේ ආර්ථීක ප්‍රතිපත්තිය බව ජනතා විමුක්ති පෙරමුණේ ලේකම්වරයා ප්‍රකාශ කර ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණට ඒ නමින් ඉදිරියට යාමේ අපහසුතාවයක් තිබෙන නිසා මාලිමාව කියන පක්ෂය නිර්මාණය කර ඇති බවත් ජනතා කැමැත්ත ලබාගැනීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ වර්ණයද වෙනස් කර ඇති බවත්ය.