ජනතාවගේ දැඩි විරෝධය හමුවේ පලාගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට යන්තමින් පන බේරාගෙන යා හැකි වුයේ ඔහුගේ පෙර පිනකට බවත් මෙවර නැවතත් දේශපාලනයට පැමිණීම මගින් ඔහුගේ ජිවිතයට කුමක් සිදුවේදැයි යන්නවත් පැහැදිලි නොමැති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර පවසනවා.

පොහොර ගෙන්වීම නැවත්වීම වැනි ඉතා අනුවන ක්‍රියාමාර්ග අනුගමනය කල ගෝඨාභය රාජපක්ෂ වැනි පුද්ගලයින් සමග දේශපාලනය කිරීමට යාම නිසා, නව දේශපාලන පක්ෂ පිහිටුවාගෙන දේශපාලනය කිරීමට බලාපොරොත්තුවෙන් සිටින මාධ්‍ය නාලිකා හිමියන්ට ඔවුන්ගේ අනාගතය පවා අහිමිවන බව එතුමිය වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

ජනතාව විසින් පන්නා දැමූ රාජපක්ෂලාට නැවත දේශපාලනයට එනවනම් තව අවරුදු 25ක් වත් සිටිය යුතු බව එතුමිය පැවසීය.

අදාළ වීඩියෝව මෙතනින්