ලෝක උරුමයන් වෙන මුතුරාජවෙල නාගරික සංවර්ධන අධිකරණයට පවරා ගැනිමට ගෑසට් නිවේදනයක් නිකුත් කර ඇති බවත් එය අසාධාරණ හා වැරදි ක්‍රියාවක් බවයි සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසන්නේ .
මෙම ලෝක උරුමයන් වෙන පලාත නාගරික සංවර්ධන අධිකරණයට පවරා ගන්නේ ඇයිදැයි ආණ්ඩුවෙන් ප්‍රශ්න කරම තිස්ස අත්තනායක මහතා කියා සිටින්නේ නාගරික සංවර්ධන අධිකරණයට පරිසර සංරක්ෂණය හෝ වනජීවි ආරක්ෂා කිරීමට වගකිමක් නැති බවත් මුතුරාජවෙල නාගරික සංවර්ධන අධිකරණයට පවරා ගැනිම යට ලොකු රහසක් අති බව පවසයි .
ඔහු වැඩි දුරටත් කියා සිටියේ මෙම නාගරයට කිට්ටු ඉඩම් අයෝජනයක් මුවාවෙන් වෙනත් පිරිසකට විකිණීමට ආණ්ඩුව සුදානම් වෙමින් සිටින බවයි .
මෙම ගෑසට් නිවේදනයට විරුද්ධව මුලික පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර බවද තිස්ස අත්තනායක මහතා පවසා සිටියේ ය.
සටහන – CJ