රටේ ජනතවාට භීතිය හා ශෝකය කැන්දූ පාස්කු ප්‍රහාරය සහ ඒ ඔස්සේ ජනිත කළ බිය මුසු සිතුවිළි ඔස්සේ වත්මන් ආණ්ඩුව බලයට පැමිණියේය. සැබැවින්ම එය බාල උපක්රමයකි. බාල උපක්‍රම යොදාගනිමින් බලයට පැමිණි ආණ්ඩුව මුලසිටම කරන්නේ බාල වැඩය.
මුලින්ම ආණ්ඩුව බාල තත්ත්වයේ නයිට්රජන් පොහොර රටට ගෙන අවේය. ඒ නිකම්ම නොව ලොකු කොමිස් මුදලක්ද ලබාගනිමිනි. එසේ ගෙන ආ බාල පොහොර නිසා ගොවිබිම් සිසාරා අසූචි ගඳ වහනය වන්නටත්, එකී පොහොර බඳුන් තැනින් තැන පුපුරා යන්නටත් පටන්ගත්තේය. අවසන ගොවියන් කබලෙන් ලිපට වැටුනේය.
මේ ආණ්ඩුව කළ ඊළඟ බාල වැඩේ ගෘහස්ත ගෑස් සිළින්ඩරවල සංයුතිය බාල කිරීමය. බියුටේන් – ප්‍රොපේන් සංයුතිය වෙනස් කරමින් ආණ්ඩුව කළ ඒ බාල වැඩේ නිසා රට පුරා ගෑස් සිලින්ඩර් පුපුරා යන්නට විය. එම පිපිරීම් නිසා එක් ජීවිතයක් අහිමිව බොහෝ දෙනෙකුට බරපාතල තුවාල සිදුවිය. කෝටි ගනනක පුද්ගලික දේපල විනාශව ගියේය. මහියංගනය, නිකවැරටිය මෙන්ම කොළඹ හතේ මැක්ඩොනල්ඩ් අවන්හාලේද සිදුවූ ගෑස් පිපිරීම ජනාඩීපතිවරයාගේ මිරිහාන නිවස තෙක්ම පැතිර ගියේය.
දැන් ආණ්ඩුව තවත් බාල වැඩක් කර ඇත්තේය. ඒ පැට්රෝල්වල සංයුතිය බාල කිරීමය. මෙතුවක් ලංකාවේ භාවිත වූයේ ඔක්ටේන් අගය 92 සහ 95 පෙට්‍රල් ය. එහෙත් ආණ්ඩුවේ ඩොලර් ගිණුම හිඳී යාම නිසා විදෙස් වෙලඳ පොළෙන් ඉන්ධන මිලට ගැනීමට බැරිව යාම නිසා ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500 ක ණයක් ලබාගන්නට සිදුවිය. වෙනදා මෙන් නොව ලංකාව බංකොළොත් බවේ ගැට්ටේ සිටින නිසා දැන් අපිට ණය දෙන රටවල් පැණවිය හැකි සියළුම කොන්දේසි පනවන්නේය. යනඑන මං නැතිව ඉන්නා ආණ්ඩුවද ඒ සියල්ලටම හිස නමන්නේය. ඒ අනුව ඉන්දියාවෙන් ලද ණය යොදවා මිලට ගත හැක්කේ ඉන්දියාවේ නිෂ්පාදන පමණි.
ඉන්දියාවේ මේ කොන්දේසිය නිසා අපිට සිදුව ඇත්තේ ගිණි ගණනට ඉන්දියාවේ පිරිපහදු කරනා තෙල් මිලට ගැනීමටය.. එහෙත් ඉන්දියවේ භාවිත වන්නේ ලංකාවේ මෙන් ඔක්ටේන් 92 හෝ 95 නොවීම නිසා ආණ්ඩුවට හිතූ මනාපේ ඉන්දියාවෙන් තෙල් ගෙන ආ නොහැකි විය . ඒ සඳහා ලංකාවේ පෙට්‍රල් සඳහා වන ප්‍රමිතිය වෙනස් කළ යුතු විය. පසුගිය දෙසැම්බරයේ ආණ්ඩුව ඒ වැඩේ රොර රහසේම කළේය. ඔක්ටේන් 92 ප්‍රමිතිය 91 දක්වා පහත හෙලනු ලැබීය. සාමාන්‍ය වශයෙන් ඔක්ටේන් 91 පෙට්රල්වල නිෂ්පාදන වියදම අඩුය. එහෙත් ආණ්ඩුව මිල අඩුකළේ නැත. එමනිසා පාරිභෝගිකයනට සිදුව ඇත්තේ වැඩිමිලට ඔක්ටේන් 91 පෙට්‍රල් ලබා ගැනීමටය.
ඔක්ටේන් 91 පෙට්රල්වල ඉන්ධන කාර්යක්ෂම තාවය 92 ට සාපේක්ෂව අඩුය. එබැවින් ලීටරයකින් ධාවනය කළ හැකි දුර අඩුවෙයි. නිතර ඉන්ධන ලබගැනීමට සිදුවෙයි.
මේ තත්වය ගැන ලියුම්කරු මෝටර් රථ ඉංජිනේරුවෙකුගෙන් කරුණු විමසූ අතර ඔහු පවසනුයේ ඔක්ටේන් 91 පෙට්‍රල් භාවිත කිරීම නිසා වාහනයේ ක්ෂය වීම් ඉතා ඉහළ අගයක් ගන්නා බවයි . ” නිතර ගියර් මාරු කරන්න වෙනවා. වෙනදාට වඩා පෙට්‍රල් පිච්චෙනවා. එන්ජින් එක නොක් කරන්න පටන් ගන්නවා. දිගටම පාවිච්චි කළොත් ඉක්මණින්ම එන්ජින් රෙපෙයාර් එකක් එන්න පුළුවන්” ඔහු පවසන්නේය.
වෙනදා රුපියල් හැත්තෑවකින් අයකළ ගමන් සඳහා දැන් රුපියල් 100 ක්වත් අය කළ යුතු බව ත්‍රීරෝද රියදුරන් පවසන්නේය. ඔවුන් පවසන පරිදි ලීටරයකින් ගමන් කරනා දුර කිමී 2 ත් 3 ත් අතර අඩු වී ඇත.
ඔක්ටේන් 91 පෙට්‍රල් ඉහළ ඊයම් අංශුවලින් සමන්විත බැවින් එම ඉන්ධන යොදනා වාහනවල පිටාර වායුවේ සංයුතියේ ඊයම් අංශු වැඩි වශයෙන් අඩංගුය. ඊයම් අංශු සෘජුවම පිළිකා කාරාකය. එනිසා වාහන ඇති නැති කොයිකාටත් අඩු වැඩි වශයෙන් පිළිකා කාරකවලට නිරාවරණය වීමට සිදුවේ. මේ තත්ත්වය බරපතල සෞඛ්‍ය තර්ජනයකි. එමෙන්ම පාරිසරික වශයෙන්ද හානිදායකය.
ශ්‍රීලංකාවට වඩා දිළිඳු රටවල් පවා ඉහළ ඔක්ටේන් අගයකින් යුත් පෙට්‍රල් භාවිතා කරන සමයක ශ්‍රීලංකාව පවත්වාගෙන ආවාටත් වඩා පහළ ඔක්ටේන් අගයකට තල්ලු වීම බාල ආණ්ඩුවක බාල වැඩක් බව නොකියාම බැරිය.
ජීවක ජයසිංහ