ආණ්ඩුව ස්වෙෙරී බැඳුම්කර සඳහා මිලියන ගණනක් ණය ගෙවූ බවත් නමුත් ආර්ථික විශේෂඥයින් කියා සිටියේ මෙම ණය තවදුරටත්  ගෙවීම කල් දමන ලෙසත්  එහෙත් ආණ්ඩුව කිසිම දෙයක්  නොසලකා කටයුතු කරන්නේ ආණ්ඩුවේ ගජ මිතුරන්ගේ ලාභ අපේක්ෂාවෙන් බවත් පටු අරමුණු ඉටුකර ගැනීමටත් එමගින් ජනතාවගේ මුදල් නාස්ති කරන බව ද සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මහතා කියා සිටියේය.

මෙම ණය ගෙවීමෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ හා ඉන්ධන මිලදි ගැනීමට මුදල් නොමැති වන බවද ආර්ථික විශේෂඥයන් විසින් කියා සිටියේය.

වැඩ් දුරටත් පැවසූ මන්ත්‍රීවරයා ,

චීනයෙන් ගෙන්වන ලද කසළ පොහොර සඳහා ඩොලර් මිලියන 6.5 ක් වන්දි මුදලක් ගෙවීම පිටුපස කිසිම පර්යේෂණයක් ආණ්ඩුව විසින් සිදු නොකර බවද කියා සිටි මන්ත්‍රීවරයා එම මුදල තිබුණා නම් වසරක් සදහා පොහොර ගෙන්විමට හැකි බවද කියා සිටියේය.

ඉම්තියාස් බාකීර් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ එදා රණසිංහ ප්‍රේමදාස මහතා බලයට පත්වෙන විට ලෝක ආර්ථික  අර්බුදය තිබුණු බවත් තවද රට තුල නොසඅසුන් තත්ත්වයක් තිබූ බවත් එහෙත් ජනසවිය හා ආයෝජන හරහා රටෙි විශ්වාසයක් ඇතිකර බවද පැවසිය.

මේ අදහස් දැක්වූයේ පසුගියදා මාධ්‍ය වෙතය.

සටහන – CJ