ආණ්ඩුව ගත් වැරදි තිරණ වලට දේශපාලන අධිකාරිය නිළධාරින් කවුද වගකිවයුත්තේ ? සමූල ඝාතනයක් කරලා ඉන්පසුව සමාවෙන්න කීම නිවරදි ද? යන්න සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා ප්‍රශ්න කළ සිටියේය .

ඔහු වැඩි දුරටත් කියා සිටියේ ,

“අපි දැක්කා ඊයේ දිනයේ අලි සබ්රි මුදල් අමාත්‍යවරයා තමන් නියෝජනය කරන ආණ්ඩුව වැරදි කරලා ඒ වැරදි නිවැරැදි කරන්න අවශ්‍ය මාර්ග හා පිලිබදවත් එයට සමාවෙන්න කියලා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.අපි සතුටු වෙනවා වැරැද්දක් කරා කියලා පිළිගැනීම ගැන මොකද පිස්සෙක්ට බෙහෙත් දෙන්න හරි පිස්සාට පිස්සු කියලා දැනගන්න ඕන .එහෙම නැතුව බෙහෙත් ගන්න විදියක් නැහැ මේ ආණ්ඩුව යථාර්ථය තේරුම් ගැනීම ගැන සතුටු වෙනවා එය අපි අවුරුදු දෙකක ඉදන් කියපු දෙයක් අපිව හෑල්ලුවට ලක් කරා .අපි අදහස් ඉදිරිපත් කරාම නැහැ එහෙම දෙයක් නැහැ කිව්වා .මතක ඇති අපි කිව්වා ඩොලර් එක හිර කරගෙන ඉන්න එපා කියලා දැන් එය වැරැද්දක් බව පිළිගෙන තියෙනවා අපි එදා කිව්වා විශේෂ බදු සහන පොහොසත් පිරිසට ලබා දෙන්න එපා කියලා අද පිළිගෙන තියෙනවා ඒක වැරදියි කියලා .අපි කිව්වා ආරම්භයේ ඉදන් IMF එකට යන්න කියලා නමුත් යන්නේම නැහැ කිව්වා හැබැයි අද එම වැරැද්දක් කියලා පිලිගෙන තියෙනවා .අපි කිව්වා ණය ගත්ත රටවල් එක්ක සාකච්ඡා ආරම්භ කරන්න කියලා ඒවා ප්‍රතිව්‍යුහගත කරන්න සාකච්ඡා කරන්න කියලා අපි කිව්වා නමුත් නැහැ අපිට එහෙම ප්‍රශ්නයක් නැහැ අපිට ඕන තරම් සල්ලි තියෙනවා අපි ණය ගෙවනවා කියලා තියෙන සොච්චමත් ණය සදහා ගෙව්වා හැබැයි අද එය වැරැද්දක් බව තේරුම් අරන් තියෙනවා .හරි මේ සියල්ල පිලිගත්තා එය පිළිඅරගෙන නිකම් ඉන්න බෑ ඒ වැරදි වලට දේශපාලන අධිකාරිය නිළධාරින් කවුද වගකිවයුත්තේ කියන එකට වගකියන්න ඕන .සමූල ඝාතනයක් කරලා අනේ මට සමාවෙන්න කියලා හරිද අනේ අපේ අතින් වැරැද්දක් වුණා කියලා හරිද ,මේ මුලු රටම අද විනාශ කරලා .මිලියන 22 ජනතාව නන්නත්තාර කරලා පාර්ලිමේන්තුවේ මට සමාවෙන්න කියලා ඒක නිවැරැදි වෙන්නේ නැහැ . අදත් පෝලිම් වැඩි වෙනවා ගෑස් ,ප්‍රට්‍රල් ,භූමිතෙල් වැඩි වෙනවා.කියන්න කණගාටුයි මේ මාසයේ ක්‍රඩිට් ලයින් එක ඉන්දියාවෙන් ලැබෙන එක ඉවර වුණාම ලබන මාසයේ ඉන්ධන ගන්න මුදල් මේ රටේ නැහැ .මිලියන 50 කට වඩා අඩු ඩොලර් ප්‍රමාණයක් විතරයි තියෙන්නේ එතකොට මොකක්ද වෙන්නේ මේක හැමදාම ක්‍රඩිට් ලයින් ගැන හිත හිත ඉන්න පුළුවන් ද , රට ඉතාම බයානක තත්ත්වයට පත්වෙලා . වගකීමෙන් කියනවා මේ ණය උගුලකට ගෙනාවේ රාජපක්ෂ ආණ්ඩුව 2005 දී ආරම්භ කරපු අනවශ්‍ය ව්‍යාපෘති නිසා බව .හම්බන්තොට වරාය ,ගුවන් තොටුපළ ,සම්මන්ත්‍රණ ශාලාවක්, නොළුම් කුළුණ මේවාට ණය ගත්තේ .ඉතා වැඩි පොලියට ණය ගත්තා.අනවශ්‍ය ව්‍යාපෘති සිදු කරා .ඒ තුලින් විශාල ලෙස ණය ගත්ත කාලය බවට 2005 කාලය පත්වුනා .”

යනුවෙන් විපක්ෂ නායක කාර්‍යලයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා පැවසීය .