සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු ආණ්ඩුවේ දූෂණ වංචා හෙළිදරව් කරන නිසා විපක්ෂයේ මන්ත්‍රීවරු නිහඩ කිරීමට පොහොට්ටුවේ මැර ඇමැතිවරුන්ට අවශ්‍යවී ඇති බවත්, එයට කතානායකවරයාගේ අනුමැතිය ලැබී ඇති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් චෝදනා කළේය.
විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන තෙක් පාර්ලිමේන්තු සැසිවාරවලින් ඉවත් වී සිටින සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු මර්දනයට එරෙහිව විපක්ෂයේ පාර්ලිමේන්තුව කැදවා අදහස් දක්වමින් සිටින අතර එහිදී මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා මෙසේ පැවසවේය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා මෙසේද පැවසුවේය.
පසුගිය දිනවල මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ලකිරීමට සුදානම්වීමත් සමගින් මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව පිළිබද තර්ජනයක් ඇතිවෙලා තියෙනවා. කතානායකවරයාට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට නොහැකි වෙලා.
අපි ආණ්ඩුවේ හොරකම් ගැන පාර්ලිමේන්තුවේදී අනාවරණය කළා. ගෑස් වංචාව, චීන අසූචි නැව ගැන, වැක්සීන් ගෙන්වලා වංචා කිරිම ගැන අපි කරුණු කියන විට ආණ්ඩුවේ ඇමැතිවරුන්ට රිදිලා තියෙනවා. ඒ නිසා අපි පාර්ලිමේන්තුවට ගෙන්වා ගැනීම වලක්වා ගැනීමට ඔවුන්ට අවශ්‍ය වෙලා තියෙනවා.
ඒ සදහා මන්ත්‍රීවරු එකතුවෙලා අපේ කටවල් වහන්න අපේ මන්ත්‍රීවරුන්ට තර්ජනය කිරීම ඔවුන්ගේ සැලසුම වෙලා. මේ සැලසුමට කතානායකවරයාගේ අනුමැතිය ලැබී තිනෙවාද? මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ගැන කතානායකවරයා සහතියක් දෙන්නේ නෑ. පොදුජන පෙරමුණේ සිටින රස්තියාදුකාර මන්ත්‍රීවරු එකතුවෙලා අපේ මන්ත්‍රීවරුන්ට තර්ජනය කරන්නේ කතානායකවරයාගේ අනුමැතිය අනුව බව පැහැදිළි වෙනවා.
අපි අද ඉන්නේ භයානක තත්වක්. පාර්ලිමේන්තු ප්‍රජාත්නත්‍රවාදය විනාශ වෙන තැනට ඇවිත්. කතානායකවරයා තමගේ වගකීම ඉටු කරන්නේ නැතිනම්, මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට නොහැකි නම් මේ සටන ඉදිරියට ගෙන යාමට සිදුවෙනවා.
අද මේ ආණ්ඩුව බලයට ඇවිත් අවුරුදු දෙකක් ගත වෙලා. අද වන විට ගම්වල, නගරයේ, ආණ්ඩුවේ අය වැය යෝජනා ක්‍රියාත්මක කරන්න බැරිවෙලා. එක ගමකට එක ගෙයක් හදනවා කිව්වට ඒකෙන් භාගයක්වත් ඉදි කිරීමට නොහැකි වෙලා.
පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කරමින්, විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පහරදීම ආණ්ඩුවේ ප්රතිපත්තියද?
නීතිගරුක සමාජයක් හදනවා කියලා ජනාධිපතිවරයා පොරොන්දු වුනා. මේ ඉන්න රස්තියාදුකාර, මැර ඇමැතිලා තියාගෙන ජනාධිපතිවරයාට නීතිගරුක රටක් හදන්න බෑ. මේ මැර ඇමැතිලා එක්ක ඔය කියන නීතිගරුක සමාජය හදන්න වෙන්නේ හදේ තමයි.
අපි පිලිපීනයේ මාකෝස්ලා වගේ පාලකයෝ දැක්කා. ඒ පාලකයින්ට ඒ රටවල ජනතාව දුන්න පිළිතුර මොකක්ද කියලා සිහිපත් කරගන්න කියලා නැවත ආණ්ඩුවට ප්‍රකාශ කරනවා.