රටේ වැඩ කරන ජනතාවගේ සේවක අර්ථසාධක තැන්පතු වලට ආණ්ඩුව 25% බද්දක් පැනවීම අසාධාරණ කටයුත්තක් බවත් එයට විරුද්ධව සමගි ජන බලවේගය කටයුතු කරන බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී අලවතුවල මහතා පවසයි .

ඔහු වැඩි දුරටත් කියා සිටියේ ,

ආණ්ඩුව මේ මොහොතේ මිලේච්ඡ ක්‍රියා ගණනාවක් සිදු කරනවා එකක් තමයි ඊයේ රෑ ඉඳලා ඊ පී එෆ් එකට සේවක අර්ථසාධක අරමුදල ඒකෙනුත් 25% ක් බඳු ගන්නවා අධිභාරයක බද්දක් එකතු කරන්න ලැජ්ජ නැතුව ආණ්ඩුව කටයුතු කරන්නේ කාගෙන්ද ආණ්ඩුව පෙන්වන්න හදනවා ලොකු ව්‍යාපාරිකයන්ගෙන් විතරක් ගන්නවා කියලා නමුත් සේවක අර්ථසාධක අරමුදල මේ රටේ වැඩකරන ජනතාවගේ සල්ලි ඒකෙන් 25% ක බදු ගන්නවා කියන්නේ විලිලැජ්ජා නැති වැඩක් එම නිසා පැහැදිලිව කියනවා මේකට මුළු රටේම සේවක අර්ථසාධක අරමුදලට අයිති ජනතාවට විතරක් නෙමේයි රටේ සමස්ත ජනතාව මේකට විරුද්ධ වෙන්න එයට පාරට බහින්න ඕන. මේ සඳහා සමගි ජනබලවේගයේ අපේ සම්පුර්ණ සහයෝගය දෙනවා මෙවැනි අසමජ්ජාති වැඩ ක්‍රියාත්මක කරන්න ” සමගි ජන බලවේගය ඉඩ නොතබන බව මන්ත්‍රීවරයා පැවසීය .

තව දුරටත් පැවසූ මන්ත්‍රීවරයා ,

“මුදල් ඇමති අද ලොකුවට කියනවා අපි ඕනෑම ඡන්දයකට යන්න ලෑස්තියි කියලා මේ රටේ ජනතාවට කන්න නැතුව ඉන්න වෙලාවක අපි කියනවා සූදානම් නම් පම්පෝරි ගහන්නේ නැතුව ඡන්දයකට යන්න පළාත් පාලන ඡන්දය දැන් කල් දාලා අපි අහන්නෙ ඇයි එහෙම කල් දාන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අනුව මැතිවරණ ක්‍රමය හදලා තියෙන්නේ වසර දෙකකට සැරයක් මැතිවරණයක් තියන්න ප්‍රජාතන්ත්‍රවාදය අනුව ඕනම රටක වසර දෙකකට සැරයක් ජනමතය විමසනව අපි පැහැදිලිව කියනවා පළාත් පාලන මැතිවරණය කල් දාන්නේ නැතුව එය තියන්න රටේ ජනතාව ආණ්ඩුවට නිසි තීන්දුවේ දෙන්න ලෑස්ති වෙලා ඉන්න බව” අලවතුවල මන්ත්‍රීවරයා කියා සිටියේ ය.

මේ බව කියා සිටියේ අද(08) විපක්ෂ නායක කාර්‍යලයේ දීය.