රට වත්මන් තත්වයෙන් මුදවාගැනීමට නම් ක්‍රියාමාර්ග හතරක් ක්‍රියාත්මක කලයුතු බව පසුගිය දා(14) කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී පැවති ජාතික විද්වත් සභාව විසින් සංවිධානය කරන ලද සමගි ජන බලවේගයේ “THE BLUE PRINT” ආර්ථික සමුළුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා සදහන් කළේය.

පළමු පියවර ලෙස දේශපාලකයන්ගේ සහ රාජ්‍ය නිලදාරීන්ගේ වත්කම් ඉදිරිපත් කර නායකයන් ආදර්ශමත් විය යුතු බව එරන් වික්‍රමරත්න මහතා පැවසී.

දෙවන පියවර ලෙස අල්ලස් දුෂණ කොමිෂන් සභාව ස්වාදීන ආයතනයක් බවට පරිවර්තනය කර එම ආයතනයට සිදුවන බාහිර අතපෙවීම් නැවැත්විය යුතු බව ඒ මහතා අවධාරණය කළේය.

තුන්වන පියවර ලෙස රට මෙවන් තත්වයකට පත්වීමට මූලිකම හේතුව වූ කොල්ලකෑම නවතා දැමීමටත් මෙතෙක් කාලයක් කොල්ල කෑ දේපල සහ මුදල් නැවත රජයට පවරා ගන්න ක්‍රමයක් සැකසිය යුතු බවත් ඒ සදහා අවශ්‍ය නීති නැවත සැකසිය යුතු බවත් ඒ මහතා පැවසීය.

මෙම පියවර තුන අවසානයේ හතරවන පියවර ලෙස ස්වාදීන නඩු පැවරීමේ කාර්යාලයක් රට තුල ස්ථාපිත කල යුතු බවත් එරන් වික්‍රමරත්න මහතා පැවසීය.