වර්තමාන රජය සෑම ක්ෂේත්‍රයකින්ම ජනතාව රවටා ඇති බවත් එසේ රැවටීමෙන් වර්තමානයේ රට දැවැන්ත අර්බුධයකට මුහුණ පා ඇති බවත් විපක්ෂයක් ලෙස තමන් ඇතුලු පිරිස කිසිදා ජනතාව රවටා නැති අතර ‘හුස්ම’ වැඩසටහන යටතේ විපක්ෂයේ සිට පවා ජනතාව වෙනුවෙන් විශාල වැඩකොටසක් සිදු කර ඇති බවත් අද (7) විපක්ෂ නායක කාර්යාලයේදී විවිධ පක්ෂ සමග පැවැති සාකච්ඡාවකදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ රජය ගොවීන් පවා රැවටූ බව පැවසූ විපක්ෂ නායකතුමා , මේ වන විට පොහොර හිගය නිසා මාස් කන්නයේ අස්වැන්න සියයට 50කින් අඩු වූ බවත් මේ වන විට යල කන්නයේ අස්වැන්නත් අඩු වී ඇති බවත් පැවසීය. රජය ලෝක ආහාර සංවිධානය පවා රවටා ඇති බවත් ඊට අමතර ග්‍රාමීය නාගරික ජනතාව පවා රවටා ඇති බවත් ඔවුන්ගේ වගකීම් බාර ගැනීමට කටයුතු කළ යුතු බවත් ඒ මහතා  පැවසීය.

එසේම මේ මොහොතේ රටේ සෑම තැනකම ගෘහ මූලික පවුල් ඒකක 3න් 1ක් පමණ ආහාර සුරක්ෂිත භාවයෙන් තොර අතර හැටදෙලක්ෂයකට පෝෂදායී ආහාර ලබා ගත නොහැකි බවත් මේ වන විට මන්ද පෝෂණය ජාතික ප්‍රශ්නයට බවට පත්ව ඇති බවත් ඒ අතර ගැබිනි මව්වරුන් පවා සිටින බවත් පැවසීය.

අරගලය සම්බන්ධයෙන් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ ආර්ථික සමාජ දේශපාලන ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් අරගලය සිදු කළ යුතු බවත් එහි දී විකල්පයක් සහ අනාගත ඉලක්කයක් සම්බන්ධයෙන් අවබෝධයක් තිබිය යුතු බවත් තමන් ඇතුලු පිරිස නව ලිබරල්වාදීන්වත් සමජවාදීන්වත් නොවන බව පැවසීය. තමන් විශ්වාස කරන ආකාරයට නව ලිබරල්වාදයවත් සමාජවාදයත නොහැකි බවත් ඒ සඳහා ධනවාදය වැදගත් බවත් පැවසූ විපකෂ නායකවරයා කියා සිටියේ ධනවාදය හරහා නිර්මාණය කරන සම්පත් සමාජවාදය හරහා සැමට සාධාරණව බෙදා හැරිය යුතු බවයි. තමන් ඇතුළු පිරිස මානුෂීයව ජනතාව පැත්තේ සිට කටයුතු කරන බව ද විපකෂ නායකවරයා එහි දී වැඩිදුරටත් පැවසීය. 

එසේම විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධානය කර සිටියේ තමන් ඇතුලු පිරිස යටතේ පාලනය වන රජයක ගජ මිතුරු ධනවාදයට තැනක් නොමැති බවත් බහු ජාතික සමාගම්වලට රටේ කම්කරු පන්තිය පාගා දැමීමට අවස්තාව නොදෙන බවත් මානුෂීය ධනවාදය සැමට සාධාරණව කටයුතු කරන බවත්ය.

ජනසෙත පෙරමුණේ පකෂ නායක බත්තරමුලලේ සීලරතන හිමි  කියා සිටියේ අපි සෑම වෙලාවකම ජනතාව වෙනුවෙන් හඩ නැගිය යුතු බවත් එවක පවා කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුනොත් මේ රට විනාශ වන බවය.