අනාගත ලෝකය තුළ රට ගොඩනැඟීම උදෙසා ඩිජිටල් විප්ලවය අවශ්‍යයෙන් ම වැදගත් බවත් විවිධ ක්ෂේත්‍ර තුළ ඩිජිටල්කරණය හරහා ශක්තිමත් රටක් ගොඩනැගීම කළයුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අද(01) E-Government වැඩසටහන පිළිබඳව වූ මාර්ග සිතියම සාකච්ඡාවට බඳුන් කරමින් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.

ඩිජිටල් තාක්ෂණය පිලිබදව වූ වචනය දේශපාලන ස්ලෝගන් සහ හුදු වදන් ලෙස පමණක් බොහෝ දේශපාලනඥයින් භාවිතා කළද ප්‍රායෝගික ලෙස එය භාවිතයට නොගන්නා බව පැවසූ විපක්ෂ නායකතුමා, විශේෂයෙන්ම දූෂණය වංචාව පිටු දැකීම උදෙසා ඩිජිටල්කරණය මහගු පිටුබලයක් බවද පැවසීය.