ආරක්ෂාව තහවුරු කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දිවයින පුරා සිටින වනජීවී නිලධාරීන් අද (18) දිනයේ සංකේත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා.

ජාතික රක්ෂිතවල ආරක්ෂාව තරකිරීමට කටයුතු කරන ලෙසත් වනජීවී නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත් රජයට බලකරමින් මෙම සංකේත වැඩවර්ජනය ආරම්භ කර ඇති බවයි සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවී නිලධාරීන්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ.

මීට අමතරව මධ්‍යම පළාතේ ගිලන් රථ රියදුරන්ද හෙට (19) දිනයේ දී වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙන බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් අනාවරණය වන්නේ.

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් ක්‍රියාත්මක කරන ස්ථාන මාරු ක්‍රමවේදයට විරෝධය පළ කරමින් මෙම වර්ජනය හෙට සහ අනිද්දා යන දෙදින තුළ සිදුකරන බව මධ්‍යම පළාත් ගිලන් රථ සහ ප්‍රවාහන රියදුරු සංගමයේ සභාපති සම්පත් කරුණාරත්න පැවසීය.

කෙසේ වෙතත් වික්‍රමසිංහ රාජපක්ෂ පාලනයට විරුද්ධව සටන් කරනවා හැර වෙනත් කිසිදු විකල්පයක් රටේ ජනතාවට නොමැති බවත් රාජපක්ෂ වික්‍රමසිංහ පාලනය පලවාහරින්න විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂවලට සහ වෘත්තිය සමිතිවලට එකතුවෙන්නැයි සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂණ විරෝධී බලවේගයේ කැඳවුම්කරු මුජිබර් රහ්මන් මහතා  ආර්ධනා කළ අතර ඔහු කියා සිටියේ 2024 වර්ශය සටන් වර්ශයක් බවයි.

‘‘වික්‍රමසිංහ – රාජපක්ෂ පාලනයට විරුද්ධව සටන් කරනවා හැර වෙනත් විකල්පයක් නෑ, 2024 කියන්නේ සටන් වර්ෂයක් ‘‘ – මුජිබර් රහුමාන් (VIDEO)