අද රටේ පවතින ප්‍රධාන ප්‍රශ්න තුනක් ගැන සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා අද විපක්ෂ නායක කාර්‍යලයේ මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේය .

මද්දුම බණ්ඩාර මහතා පැවසූ ප්‍රශ්න තුන නම්,

“එහි එකක් තමයි රටේ ගොවියාට පොහොර බෙහෙත් ටික නැතුව ගොවිතැන විනාශ වීම. එක පැත්තකින් ගොවියාට අස්වැන්න නැතුව ගොවියා පාඩු ලබනවා. අනිත් පැත්තෙන් හාල් මිල එළවළු මිල අහස උසට නැගලා පාරිභෝගිකයා දුක්විඳිනවා තව පැත්තෙන් ගෑස් ප්‍රශ්නය ගෙදර කෑම ටික හදා ගන්න බැහැ හෝටලය පවත්වාගෙන යන්න බැහැ මේ රටේ ජනතාවට ගෑස් දෙන්න ආණ්ඩුව අපොහොසත් වෙලා ගෑස් මිල දෙගුණ කරත් ගෑස් ටික දෙන්න බැරිවෙලා. දෙන ගෑස්ටික්ත් තැන්තැන්වල පුපුරනවා.

අද මෙි විදේශ විනිමය ප්‍රශ්නයකට රට මුහුණ දෙනවා. එක පැත්තකින් කන්ටේනර දහස් ගණන් වරායේ හිර වෙලා. ජනතාවට කන්න අඳින්න ටික නැතිවෙලා ආණ්ඩුව අපොහොසත් වෙලා තියෙනවා මේ ප්‍රශ්න විසඳන්න. මම කියපු මේ කාරණා එකක්වත් covid 19 නිසා ඇති වෙච්ච ඒවා නෙමෙයි ජනාධිපති ගේ රජයේ අමන ක්‍රියාකලාපය නිසා ඇතිවෙච්ච ඒවා.

අපි ගෑස් ප්‍රශ්නය ගැන ගත්තොත් ලෝකයේ වෙන රටවල මෙවැනි ගෑස් ප්‍රශ්නයක් නැහැ ගෑස් මිල දෙගුණ කරන්න පත්කරපු කමිටුවෙන් කියනවා සංයුතිය වෙනස් කරපු නිසා මේ ගෑස් පුපුරනවා කියලා. අද අට දෙනෙක් මැරිලා තියෙනවා මේවට වැරදි කාරයන්ට දඬුවම් දීලා නැහැ ඔවුන් අත්අඩංගුවට අරන් නැහැ . සමගි ජන බලවේගය විදිහට අපි මේ වින්දිතයන් වෙනුවෙන් මැරිච්ච අටදෙනා හා ගෑස් ටැංකිය නිසා පිරුණු දාහකට ආසන්න සිදුවීම් සම්බන්ධව අධිකරණයට යනවා. ආණ්ඩුව අද අපොහොසත් වෙලා තියෙනවා මාස හයක් වෙනවා ගෑස් ප්‍රශ්නය විසඳන්න, පොහොර ප්‍රශ්නය, covid 19 නිසා නෙමෙයි. තම තමන්ගේ සිහින සැබෑ කරගන්න මමත් මොනාහරි කරා කියන්න ලෝකයේ කරන්න බැරි දේවල් කරන්න ගිහින් අද ජනාධිපති මේ රට කන්න ටික නැති කරලා. “