අයවැය විවාදය සදහා අද දිනයෙත් මුදල් අමාත්‍ය බෑසිල් රාජපක්ෂ මහතා පැමිණ නැති බවත් විපක්ෂ විසින් අසන වැදගත් ප්‍රශ්න වලට පිළිතුරු ලබා දීමට කිසිවෙක් නොමැති බැවින් එය පාර්ලිමේන්තුවට කරන නිග්‍රහයක් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (19) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ඔහු වැඩි දුරටත් කියා සිටියේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව අයවැය විවාදයේ දී මුදල් අමාත්‍යවරයා සිටිය යුතු බවත් වත්මන් මුදල් අමාත්‍යවරයා නොසිටීම පාර්ලිමේන්තුවට සිදු කරන අපහාසයක් බවයි .

සටහන – CJ