යූඑන්පීකාරයන් ඉතිහාසයේ පළමු වතාවට හොරෙක් යන නම ඇසීමට සිදු වූ යේ රනිල් වික්‍රමසිංහ සහ රවී කරුණානායක නිසා බවත් පළමු වතාවට යූඑන්පීකාරයන් හොරු බවට පත්වූයේ රනිල් වික්‍රමසිංහගේ සහ රවී කරුණානායකගේ මහබැංකු මංකොල්ලය නිසා බවත් කොළඹ මහ මැතිවරණ අපේක්ෂක චරිත් අබේසිංහ මහතා පවසනවා.

චරිත අබේසිංහ මහතා අවධාරණය කරමින් කියා සිටියේ එජාපය විනාශ කළේ වසර තිහක් පුරා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය කුමන්ත්‍රණ හරහා තමා සතුව පවත්වාගත් රනිල් වික්‍රමසිංහ සහ රවී කරුණානායක නිසා බවත්ය.

පක්ෂය සහ රට මුළුමනින්ම විනාශ මුඛයට රැගෙන ගිය ඔවුන් අද වන විටත් සිලින්ඩරය නමින් අටවාගෙන සිය හිතවතුන් වෙනුවෙන් පෙනී සිටින බව අබේසිභ මහතා අවධාරණය කර සිටියේය.