ශ්‍රීලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඩී.එස්. සේනානායක මහතා විසින් බිහිකරන ලද ශ්‍රීලංකාවේ පැරණිතම පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ මුලක්සතනයෙන් සිය ඡන්ද ලකුණ වන ‘අලියා’ ලකුණත් මේ වනවිට සිරිකොතට අහිමි වී තිබේ. ඒ වසර තිහක් පුරාවට තවමත් පක්ෂයේ නායකත්වය දරන රනිල් වික්‍රමසිංහ විසින් මෙවර ජනාධිපතිවරණයට තරඟවදින සලකුණ ගැස් සිලින්ඩරය ලෙස වෙනස්කිරීම නිසාවෙන්.

මේ වන විට සිරිකොත පක්ෂ මූලස්ථානයේ අලියා ලකුණ වැසෙන පරිදි ගෑස් සිලින්ඩරය ලකුණ ප්‍රදර්ශනය කර තිබීම නිසාය.

පසුගියදා මාධ්‍ය හමුවකට සහබාගී වෙමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් මහතා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය ඉතාමත් කණගාටුදායක තත්වයකට රනිල් වික්‍රමසිංහ විසින් ඇද දමා තිබෙන බවත් තවමත් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සිය සන්තකයේ තබාගෙන සිටින රනිල් වික්‍රමසිංහ, පොහොට්ටු ඇමතිවරුන් වටකරගෙන ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම විහිළුසහගත කරුණක් බවයි.