එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ (United Democratic Voice) යනුවෙන් පසුගිය දා රන්ජන් රාමනායක, ටී.එම් දිල්ශාන් ඇතුළු පිරිසක් විසින් නිර්මාණය කළා යැයි කියන අලුත් පක්ෂය “එක්සත් කොංග්‍රස් පක්ෂය” යන නමින් මිට පෙර පැවති පක්ෂයක් බව අනාවරණය කරමින් සමාජ ක්‍රියාකාරී මහතා සමාජ මාධ්‍ය තුළ සටහනක් තබා තිබේ.

මෙම පක්ෂය දමිල ඩයස්පෝරා සල්ලි වලින් දුවන කුප්‍රකට ලයිකා ව්‍යපාරයේ මැදිහත් වීමෙන් පිහිටවූ පක්ෂයක් වන අතර මෙහි ව්‍යවස්ථාව සම්පූර්ණ දමිල බසින් ලියැවී තිබන බවත් දැන් රන්ජන් රාමනායක, ටී.එම දිල්ශාන් වැනි ප්‍රසිද්ධ පුද්ගලයින් ඉදිරියට ගෙන එමින් මයික් ලකුණෙන් මැතිවරණයට තරඟ වදින මෙම පක්ෂයේ මූලික අරමුණ වන්නේ සමගි ජන බලවේගයේ ඡන්ද කඩමින් මැතිවරණ ව්‍යාපාරය විනාශකොට මාලිමා ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතරයක් ලබගැනීමට ඉඩ සැලසීමට කටයුතු කිරීම බවත්ය.

මෙම ලිපිය ලියමින් ඕෂල හේරත් මහතා ප්‍රකාශ කරන්නේ මෙම පක්ෂයේ හිමිකාරිත්වය දරන අලිරාජා සුබාෂ්කරන් නොහොත් lyca ව්‍යාපාරයේ හිමිකරු විසින් සිදුකරන ලද දුෂණ වංචා පිළිබඳව පීලි ගොනු රාශියක් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට යවා තිබෙන බවයි. ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ lyca ව්‍යාපාරයෙන් පඩ් ලබන පක්ෂ සිදුකරමින් තිබෙන්නේ දෙමළ ඩයස්පොරවේ උවමනාවන් ඉෂ්ට කිරීමත්, රන්ජන් රාමනායක යොදවාගෙන සිංහල ජන්ද ලබාගනිමින් වත්මන් NPP ආණ්ඩුවේ රිමෝට් එක මොවුන් අතට ගැනීමත් මොවුන්ගේ අරමුණ වී තිබෙන බවයි. මෙම කුමන්ත්‍රණය කරන ප්‍රධාන නළුවා රන්ජන් රාමනායක මුදලට රට ජාතිය පාවලා දෙන්න හදන දෙවන අවස්ථාව මෙය බවත් ඕෂල හේරත් මහතා මෙහිදී අවධාරණය කරනවා.

මෙම පක්ෂයේ නිලධාරි මණ්ඩලය,

balavegaya WhatsApp Image 2024 10 11 at 11.11.04 977aeaf4

“මම ජාතිවාදියෙක් නොවේ. ද්‍රවිඩ ශ්‍රී ලාංකිකයන්ගේ දේශපාලන අයිතිය වෙනුවෙන් පෙනීසිටින සිංහල ශ්‍රී ලාංකිකයෙක් . එත් මේ ලයිකා පක්ෂ හරහා රන්ජන් ඇතුළු කණ්ඩායම කරන්නේ දේශපාලනය නොවේ, මේ කරන්නේ දේශද්‍රෝහී , ජාතිවාදී රට ජාතිය පාවාදෙන කුමන්ත්‍රණයක්.. මේ ගැන විශේෂ මාධ්‍ය හමුවක් හරහා රටම දැනුවත් කරන්න ඉදිරියේදී කරයුතු කරනවා… Ranjan Ramanayake ලැජ්ජා වෙන්න ඕනේ. 2018 ඔයා කරන්න ගිය පාවාදීමට වඩා අසිකිත පාවාදීමක් මේ කරන්නේ. ඔයා යන්තම් ඒක ප්‍රශ්නෙකින් එළියට ආවා විතරයි.. දැන් මේ දේශද්‍රෝහී කුමන්ත්‍රණයේ කොටස් කරුවෙක් වෙනවා. ඉදිරියේ සියලු සාක්කි සමග අපි කතා කරමු.. මෙය ඔයා නොදැන කරන දෙයක් නොවන බව දන්නවා. උනුත් එකයි මුනුත් එකයි කියපු ඔයා ඔක්කොටම වඩා අසුචි වැඩ කිරීම ගැනත්, මෙලෙස ඔබට අමන්ත්‍රණය කිරීමට සිදු වීම ගැනත් කනගාටු වෙනවා. නීතියේ සිදුරු හෙව්වට , ඒ සිදුරු වලින් මේ වගේ තුච්ච වැඩ කරන්න ඔයාට අවස්ථාවක් දෙන්නේ නැහැ.. ඩයනා 2 වෙන්නේ ඔයා.!”

✍ ඕෂල හේරත්.