එළඹෙන මහ මැතිවරණයට මුහුණදීමට පෙර සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ නායකත්ව මණ්ඩලය විසින් අද (27) දින සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ මුල් පුටු රැසක් වෙනස් කර තිබෙනවා.

ඒ අනුව 2024 වර්ෂය සඳහා සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකාර් මහතාත්, 2024 වර්ෂය සඳහා සමගි ජන සන්ධානයේ මහලේකම් ධුරය සඳහා හිටපු කෑගලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කබීර් හෂීම් මහතා මෙන් ම සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සභාපති ධුරය සඳහා සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා අභිනවයෙන් පත් කරන ලදී.

අද සමගි ජන බලවේගයේ සභාපති ලෙස පත්වීම් ලැබූ නීතිඥ ඉම්තියාස් බාකීර් මාකාර් මහතා 1970 වසරේ එක්සත් ජාතික පක්ෂ ශිෂ්‍ය ව්‍යාපාරය ආරම්භ කිරීමට පුරෝගාමී වෙමින් දේශපාලනය ආරම්භ කල අතර ඉන් පසු 1974 දී අන්තර විශ්වවිද්‍යාලීයීය එක්සත් ජාතික පක්ෂ ශිෂ්‍ය බල මණ්ඩලයේ සභාපතිධූරය සහ 1975 සිට 1980 දක්වා එක්සත් ජාතික පක්ෂ ශිෂ්‍ය ව්‍යාපාරයේ ජාතික සභාපති ලෙසත්, 1981 වසරේදී එක්සත් ජාතික පක්ෂ සමස්ත ලංකා තරුණ පෙරමුණේ ප්‍ර‍ධාන ලේකම්වරයා ලෙසත්, 1981 දී කලුතර දිස්ත්‍රික් සංවත්සර සභා මන්ත්‍රීවරයෙකු ලෙසත්, 1988 සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසත්, කිසිඳු වංචා දුෂණ චෝදනාවක් නොමැතිව වසර 54ක දේශපාලන අත්දැකීමක් ලබා ඇති අයෙකි.

2024 වර්ෂය සඳහා සමගි ජන සන්ධානයේ මහලේකම් ධුරය සඳහා පත්වීම් ලැබූ කබීර් හෂීම් මහතා ද වසර ගණනාවක අද්දැකීම් බහුල දේශපාලනඥයෙක් ලෙස හැදින්විය හැකි අතර ඒ මහතා සමගි ජන බලවේගය පිහිටුවීමට පෙර එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා ලෙසත් කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත් වර්තමානයේ රට වැටී ඇති තත්වයෙන් නැවත රට ගොඩනැගීමට අවශ්‍යකරන වැඩපිළිවෙලක්, පළපුරුදුක් සහ දක්ෂ කණ්ඩායමක් සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය සතු බව පක්ෂ විපක්ෂ කාගේත් විශ්වාසය වී තිබුණා, පසුගිය ජනාධිපතිවරණයෙන් නව ජනාධිපතිවරයෙකු පත් වීමත් සමඟ තවදුරටත් රට ඉදිරියට ගෙන යාමට එළඹෙන මහ මැතිවරණයෙන් දක්ෂ කණ්ඩායමක් පාර්ලිමේන්තුවට යැවීම අවශ්‍ය වී තිබෙනවා. සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ මෙම වගකීම් වෙනස් වීමත් සමඟ රටේ ජනතාව ප්‍රර්ථනා කරන රටට අවශ්‍යකරන දේශපාලන සංස්කෘතිය ගොඩනැගීමට ඉමහත් දායකත්වයක් ලබාදිය හැකි බව අප කාගේත් විශ්වාසයයි.

සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ ප්‍රබල තනතුරු කිහිපයකට නව සාමාජිකයන් පත් කිරීමට සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා (27) කටයුතු කරන ලදී.Sri Lanka Latest News