සැමට ජයක් සමගි ජන සන්ධානයේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (29) මහනුවරදී එළිදැක්විණි.

එහිදී, සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන සන්ධානයේ නායකයින් සමඟ ශ්‍රී දළදා මාලිගාවේදී මල්වතු අස්ගිරි මහානායක හිමිවරුන්ට ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිගන්වනු ලැබීය.

ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉරාන් වික්‍රමරත්න , ආචාර්ය හර්ෂ ද සිල්වා , පාඨලී චමිපික රණවක , ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් මහනුවර රැජිණ හෝටලයේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්විණි.

එම අවස්ථාවේදී අදහස් දැක්වූ පාඨලී චමිපික රණවක මහතා.

‘‘ලබන 21 වැනිදා පවත්වන මැතිවරණය ඉතාමත් සුවිශේෂී මැතිවරණයක්. ඒ මොකද 2022-4-12 රට බංකොලොත් බව ප්‍රකාශ කළා පස්සේ මැතිවරණ පැවැත්විය යුතුව තිබුණත් ඒ මැතිවරණ යටපත් කරමින් ඉදලා අවසානයේ මේ ජනාධිපතිවරණයේ ව්‍යවස්ථාවේ සදහන් වෙලාම තිබෙන නිසා පැවැත්වීමට නියමිත වෙලා තිබෙනවා.

ඓතිහාසික සෙංකඩගලට අදාල වන කරැණක් වන මෙය 1815 මාර් තු 2 වෙනිදා සිංහල ජාතික කොඩිය බිමදාලා ඉංග්‍රීසීන්ගේ යටත් විජිත කොඩිය එසවුවේ මෙහිදි. එදා අහිමිවූ සෛවරීභාවය නැවත අහිමි වූයේ 2022-4-12 බංකොලොත් භාවය ප්‍රකාශ කලාට පස්සේ.
එ නිසා මේ පවතින රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය පවත්වාගෙන යනවා. ඒ සමගම ආර් ථක වරධනයක් කරා ගෙන යනවා. සමාජ සාධාරණත්වය ස්ථාපිත කිරීම.

රනිල් වික්‍රමසිංහ මැතිත්‍රමාගේ පුළුවන් කියන ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් වෙනවා ථේරවාදී වෙළද ආර් ථිකයක් කියලා. අපි නම් දන්නේ නෑ බුදුු දහමේ ථේරවාදි වෙළද ආර් ථිකය පිළිබදව. යම් යම් මූල ධර්ම තිබෙනවා බුදුදහමේ ආර් ථික ක්ෂේත්‍රය පවත්වාගෙන යන්න විද්‍යාර්ථයින් ප්‍රකාශ කරලා තියෙනවා. බංකොලොත් කිරීමට වගකිව යුතු පිරිස බේරලා බංකොලොත් බවේ බර සාමාන්‍ය ජනයාගේ කර පිටට පටවන්න තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයගේ මූල ධර්මය. එය බෞද්ධ මූල ධර් මයන්ට සම්පූර්ණ පටහැනියි. සමගි ජනබලවේගයේ මේ බර දැරිය හැකිය ලවා බර දැරීමට කටයුතු කිරීම.

ජනතා විමුක්ති පෙරමුණ කියලා තියෙනවා ඒ අයගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අපි කොපි කරලා කියලා. කියන්න කණගාටුයි. එදා අපි තාක්ෂණ නගර හදන කොට ඒවට ගල් ගහපු අය අද තාක්ෂණ නගර 4 ක් හදලා තියෙනවා. ඒ නිසා කොපි කරලා තියෙන්නේ කවුද කින එක පැහැදිලියි.

මාලිමාවේ විප්ලවීය ඉදිරියට ගෙනගියොත් රට අනිවාර්යයෙන්ම නැැවතත් බංකොලොත් භාවයට පත් වෙනවා. මෙවැනි අදබාල පිරිසට රට බාර කරන්නේ නැතුව දක්ෂ පළපුරැදු කණ්ඩායමක් ඉන්නේ සමගි ජන බලසන්ධානයට සතුයි.”