සමගි වනිතා බලවේගය මොණරාගල ආසනයේ ඊයේ (22) දින පැවැත්වූ කාන්තා සමුළුව අතුරු සිදුරු නැතිව කාන්තාවන් ගෙන් පිරී ඉතිරි ගොස් තිබෙන අයුරු දැකගත හැකි විය.

එළඹෙන ජනාධිපතිවරණයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ නියත ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් පැවැත්වූ මෙම ආසන කාන්තා සමුළුවට සමගි ජන බලවේගයේ මහා ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා, එස් එම මරික්කාර් මහතා ඇතුළු මහත්වරුන් මෙන්ම සමගි වනිතා බලවේගය නියෝජනය කරමින් හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිසක්ද සහබාගී වී සිටියහ.

සමුළුවට පැමිණි කාන්තාවන්ගේ ඉතාමත් උද්යෝගයක් දැකගත හැකි වූ අතර පැමිණසිටි සියලුදෙනා සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සුබපැතුම් එක්කළේය.