තරාතිරම නොබලා පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන්ට නිසි දඩුවම් ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කාදිනල් හිමියන්ට පොරොන්දු වෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (11) අති උතුම් කාදිනල් මැල්කම් රංජිත හිමිපාණන් අතර සුවිශේෂී හමුවක් කොළඹ දී සිදුවිය.

එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සහන සැලසීම උදෙසා විධිමත්ව පත් කරන ලද අධිකරණ ක්‍රියාදාමයක් වෙනුවෙන් තමා උර දෙන බවත් අධිකරණ ක්‍රියාදාමය නැවත ප්‍රත්‍යක්ෂ කිරීමට කටයුතු කරන බවත් ඒ සදහා වන අදාළ නෛතික ක්‍රියාමාර්ග නිසි පරිදි ගන්නා බවත් කාදිනල් හිමිපාණන් හමුවේ පොරොන්දු විය.

එසේම පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සහන ලබා දීමටත් මෙහි මහමොළකරුවන්ට තරාතිර නොබලා දඩුවම් ලබා දීමටත් තමා කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙහි දි වැඩිදුරටත් අවධාරණය කළේය.