අද වන විට පොල් ගෙඩියටත් පෝලිමක් ඇති බවත් අත්‍යාවශ්‍ය ආහාරවල මිල පවා ඉහළ ගොස් ඇති බවත් ජනතාවට සහන දෙනවා කියපු මේ රජයට IMF එකත් එක්ක කතා කර වැට් බදු ඇතුළු බදු බර අඩු කරන්න නොහැකි වුවත් සමගි ජන බලවේග රජයක් තුළ බදු අඩු කරන IMF ගිවිසුමකට යන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

තමා අයි එම් එෆ් එක සමග සාකච්ඡා පැවැත්වුයේ ජනාධිපතිවරණයට මාස ගණනාවකට පෙර බවත් ඒ සාකච්ඡාවලදි බදු බර ජනතාවට උහුලන් බැරි බව පෙන්වා දුන් බවත් බදු කියා ජනතාවගේ අතේ ඇති මුදල් පවා කොල්ල කන බවත් ඒ නිසා ජනත අසහනය වැඩිවී ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා.

වත්මන් රජයට තවම IMF එකත් සමග සාකච්ඡා කර බදු බර අඩු කරන්න නොහැකි වී ඇති බවත් සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මැදකොළඹ පැවැති ජනහමුවකදීය.

සමගි ජන බලවේග රජයක් තුළ පෝලිම් යුගය නැති කර බදු බර අඩු කර අතමිට සරුකරන යුගයකට නායකත්වය ලබා දෙන බවත් එම නිසා මෙවර මහමැතිවරණයේදී සියලුම එක්සත් ජාතික පාක්ෂිකයන්ට ගැස් සිලින්ඩරයට ජන්දය දුන් අයට සමගි ජන බලවේගය විවෘත බවත් රනිල් වික්‍රමසිංහ ජනතාව අනාථ කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.