සමගි ජන බලවේගයේ මහ මැතිවරණ ජාතික ලැයිස්තු අපේක්ෂක සුජීව සේනසිංහ මහතාගේ නිවසට පුද්ගලයින් කිහිපදෙනෙකු පැමිණ ඔහුගේ නිවසේ LTTE සංවිධානයට අයත් ඇඳුම් තිබේදැයි පරික්ෂා කර ඇති බවත් පොලිස්පතිතුමාගේ අනුදැනුම මත මෙම සෝදිසි කිරීම සඳහා පානදුර දුෂණ විමර්ශන අංශයෙන් තම නිවසට පැමිණ ඇති බව දැනගැනීමට ලැබුන බවත් සුජීව සේනසිංහ මහතා පවසනවා.

එතුමා සඳහන් කරන්නේ එම පිරිස නිවසට එන අවස්ථාවේ හිතවත් පුද්ගලයෙකු නිවසේ සිටියද මෙම පිරිස විසින් එම පුද්ගලයාගේ දුරකථනය පවා ලබාගනිමින් මෙම සිදුවීම පිළිබඳව දැනුවත් කිරීමට ඉඩ ලබා දී නොමැති බවත් මේ සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත්ය.

සුජීව සේනසිංහ මහතා සඳහන් කරන්නේ මෙම ක්‍රියාව ඉතාමත් පහත් නින්දිත ක්‍රියාවක් බවත් වසර 15 කට පෙර අවසන් වූ LTTE සංවිධානය පිලිබඳ භීතිය නැවත සමාජය තුලට කැඳවීමට සහ තවදුරටත් ජාතිවාදය මත හිඳිමින් වත්මන් ආණ්ඩුව දේශපාලනය කිරීමට උත්සාහ ගනිමින් සිටින බවතය.