ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී යාම ප්‍රශනයක් නොවන බවත් ඒවා සටහන් තබා ඇති බවත් පැවසූ රාජ්‍ය ඇමති චන්න ජයසුමන අද එම දත්ත මැකී යාම යහපාලන ගොඩට දමා අළු පිසගන්න ගොස් නාගත් බව සමඟි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (21) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මැකී ගිය දත්ත යහපාලන කාලේ හොරකම් නම් ඒවා හෙළිදරව් කරන ලෙසයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

”ඉස්සරහට කියන්න එපා මහ බැංකුවේ හොරකමේ දත්ත ටික මකල ඒවා අතුරුදහන් වෙලා ඒ අතුරුදහන් කරපු අයට විරුද්ධව අපි දඬුවම් දෙනවා කියල

කියන්න සූදානම් වෙන්න එපා. සමහර විට කියන්න පුළුවන් පාස්කු ප්‍රහාරයේ විමර්ශන වාර්තා දැන් නැති වෙලා ෆයිල් අස්ථානගත වෙලා ඒ තොරතුරු නැති කරපු අය හොයාගන්න ඕනේ කියල. ජාතික ආරක්ෂාව ගැන කියාගෙන ආපු අයට දැන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත රැකගන්නත් බැරි වුණා” යනුවෙන් තවදුරටත් මන්ත්‍රීවරයා තවදුරටත් සඳහන් කරන ලදී.

සටහන – CJ