X-Press Pearl ව්‍යසනය කේන්ද්‍රීයව සිදුවන අධිකරණ ක්‍රියාදාමය පළුදු වීමට කිසිසේත්ම ඉඩ නොදෙන නමුත් X-Press Pearl ව්‍යසනයට පෙර New Diamond ව්‍යවසනයක් සිදු වූ බවත් මේ නැවෙන් සිදුවූ තෙල් කාන්දුවෙන් සිදු වූ පරිසර දූෂණය සම්බන්ධයෙන් රජය කිසිදු පාඩමක් ඉගෙන නොගත් බවත් X-Press Pearl විනාශය සිදුවන විට වැරදි ආකාරයට එහි හානිය අර්ථ පූර්ණය කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.
පාර්ලිමේන්තු කාරකසභාවලින් මෙය ප්‍රශ්න කර සිටින විට අදාළ ආයතන විසින් මෙම හානිය මීගමුව, පුත්තලම, මන්නාරම, පානදුර, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට සිට නැගෙනහිර වෙරළ දක්වා සිදුවූ බවට පිළිගත් බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ කටයුතු කිරීමේ දී රාජ්‍ය ආයතන නිවැරදිව නිර්ව්‍යාජව කටයුතු කරනවාද යන්න බරපතල ප්‍රශ්නයක් ඇති බවත් ඒ කටයුතු නීතිමය ක්‍රියාදාමයට අගතියක් නොවන ආකාරයට ප්‍රශ්න කිරීමට පාර්ලිමේන්තුවට අයිතියක් ඇති බවත් ය.
දැනට තක්සේරු කර ඇති මුදල ගණනය කර ඇත්තේ සුළු කොටසට පමණක් බැවින් මෙය හරියට ප්‍රශ්න කිරීමේ අයිතියක් ඇති බවත් New Diamond සිදුවීමෙන් මෙන්ම X-Press Pearl සිදුවීමේ මේ රජය තවම පාඩම් ඉගෙන ගෙන නැති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.