ශ්‍රී ලංකාවේ විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී අනෙකුත් රටවල් සමග සමානුපාතික ප්‍රතිපත්තියක් චීනය අනුගමනය නොකරන බවත් ලංකාවේ ආර්ථිකය ගොඩනැගීමට චීනය සහාය දක්වන බව පැවසුවත් ඔවුන් මුල සිටම කියා සිටියේ චීන ණය හිමි සියලු රටාවල් පිලිබදව සමාන ප්‍රතිපත්තියක් චීනය අනුගමනය කරන බවත්ය.

නිසි ආකාරයෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට නොහැකි වීම IMF දෙවන වාරිකය කල් දැමීමටද හේතුවක් වන අතර (IMF) ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ගැටලුවකින් තොරව ඉදිරි කටයුතු සිදුකිරීමට නම් ශ්‍රී ලංකාව ණය ලබාගෙන තිබෙන අනෙකුත් රටවල් මෙන්ම චීනයද ණය ප්‍රතිව්‍යුහගතකරණය සදහා එකඟ කරගත යුතුව තිබේ.

රටේ ආර්ථිකය ගොඩනගන බව පවසා බලය ලබාගත් රනිල් වික්‍රමසිංහ සහ වත්මන් ආණ්ඩුව ජනතාවට දුන් එකම පොරොන්දුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග කටයුතු කරමින් සහ දේශීය විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කරමින් ආර්ථිකය ස්ථාවර තත්වයකට ගෙන ඒමයි.

ඒ අනුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිර්දේශ පරිදි බදු ආදායම නිසි ආකාරව කළමනාකරණය කරගත නොහැකි වීමත් බදු අයකිරිමේදී ශ්‍රී ලංකා රේගුව සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දූෂිත ආයතන ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් නම්කිරීමත් නිසා ඔවුන් ලබාදෙන දෙවන වාරිකයම දින නියමයකින් තොරව කල් දමා තිබේ.

මෙවැනි තත්වයක ශ්‍රී ලංකාව වැඩි වශයෙන් ණය ලබාගෙන තිබෙන චීනය සමග ආර්ථික සම්බන්ධතාවය පවත්වාගෙන යාමේදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිර්දේශ පරිදි 30%ක ණය කපාහැරීමේ ක්‍රියාමාර්ගයකට හෝ චීනය එකඟ කරගත යුතුව තිබේ.

ඉදිරියේ යෙදී තිබෙන ජනාධිපතිවරයාගේ චීන සංචාරයේ අරමුණද ආර්ථික කටයුතු මෙන්ම ණය ප්‍රතිව්‍යුහගත කිරීම සමග සම්බන්ධ අතර එහිදී 30%ක ණය කපහරීමක් සදහා චීනය කොයි ආකාරයෙන් එකග වේදැයි ගැටළුවක් පවතින අතර ඔවුන් ශ්‍රී ලංකාවේ දේශීය සම්පත් පිලිබදව අවධානයෙන් සිටින බවත් අවධානයට කරුණකි.

චීනය විසින් ලංකාවට ගොඩබැසීමට අවසර ඉල්ලා තිබෙන Shi Yan 6 නෞකාව පිලිබදව එකිනෙකට පරස්පර ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාව අනුගමනය කිරීම නිසා මේ වන විටත් ශ්‍රී ලංකාවේ ක්‍රියාකලාපය පිලිබදව අර්බුදකාරී තත්වයක් මතුව තිබේ.

ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියට ප්‍රබලවම බලපාන චීන නෞකාවේ සිදුවීම සහ ඉන්දීය ධීවර ගැටලුව මෙන්ම ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් සමග කටයුතු කරන ආකාරය පිලිබදව වැදගත් කරුණු රැසක් අද (12) සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා සහබාගී වූ සකච්ඡාවකදී පැහැදිලි විය.