මීට දින කිහිපයකට පෙර (IMF) ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මගින් දින නියමයකින් තොරව ශ්‍රී ලංකාවට ලබා දෙන දෙවන වාරික මුදල කල් දැමීමෙන් අනතුරුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියමයන්ට අනුව ශ්‍රී ලංකාව සපුරා ගැනීමට අසමත් වූ කරුණු 16ක් පිලිබදව IMF නියෝජිතයින් වාරතාවක් මගින් පැහැදිලි කර තිබුණි.
මෙම වන විට Verité Research ආයතනය මගින් නිකුත් කර තිබෙන නවතම වාර්තාවට අනුව IMF වැඩසටහන සාර්ථක කරගැනීමට ලංකාව 2023 සැප්තැම්බර් අවසානය වන විට අවසන් කිරීමට නියමිතව තිබූ කැපවීම් 71 න් 40ක් පමණක් ඉටු කර ඇති බවයිි.
ඒ අනුව මෙම වසරේ මාර්තු මාසයේ දී ආරම්භ කල IMF වැඩසටහනේ අවම ප්‍රගතිය වාර්තා වන්නේ සැප්තැම්බර් මාසයේ බව එම වාර්තාවෙන් පැහැදිලි වන අතර විනිවිදභාවය වැඩි දියුණු කිරීමට ආණ්ඩුව ඉටුකළ යුතුව තිබෙන විශේෂිත කැපවීම් 04න් 03ක්ම තවමත් පවතින්නේ ‘ඉටුකර නොමැති’ මට්ටමේ වීම සැප්තැම්බර් මාසයේ ප්‍රගතිය අවම වීමට හේතු වී ඇත.
Verité Research හී නව තොරතුරු වලට අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වැඩසටහනේ ප්‍රගතියෙහි විනිවිදභාවයක් නොමැතිවීම වර්ධනය වෙමින් පවතී. එයට හේතු ලෙස
- IMF වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචනය කරගැනීමට ඇති හැකියාව දිගින් දිගටම හීන වීම.
- IMF වැඩසටහනේ කටයුතු වල විනිවිදභාවය වර්ධනය කිරීමට ශ්‍රී ලංකාව කලයුතු කැපකිරීම් නිසි ආකාරව කළමනාකරණය කරගැනීමට අපොහොසත්වීම.
මෙම ආයතනය ,මගින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ විනිවිදභාවය පෙන්වීම සදහා ශ්‍රී ලංකාව සපුරා ඇති එකම කැපවීම වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්පාදනය කළ ආණ්ඩුකරණ ඇගයීම් වාර්තාව ප්‍රකාශයට පත්කිරීම පමණක් බවත් එයත් ආණ්ඩුවේ ක්‍රියාකාරකමක් නොව අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ක්‍රියාකාරකමක් බවයි.
ඒ අනුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙන්ම සිවිල් හා සමාජ සංවිධානයන් පෙන්වා දෙන ආකාරයට රජය මේ වන විට විනිවිදභාවය ආරක්ෂා කරගැනීමට කිසිසේත්ම සමත් වී නොමැති බවත් මේ ආකාරයෙන් කටයුතු කිරීම තුලින් වත්මන් රජයට කිසිසේත්ම ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රශ්න විසඳිය නොහැකි බවයි.
වැඩිදුර විස්තර සදහා
- https://sinhala.mawratanews.lk/exclusive/what-will-happen-to-the-second-imf-tranche/
- https://manthri.lk/imf_tracker