දේශපාලන පක්ෂ නියෝජිතයින් මැතිවරණ කොමිෂන් සභාව වෙත අද (08)  කැඳවා තිබෙනවා. 

ඒ් අනුව අද පෙරවරුවේ පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා සියලු පක්ෂවල ලේකම්වරුන්ට හා නියෝජිතයින්ට කැඳවීමක් සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

මැතිවරණ නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ සභාව මඟින් යෝජනා කර ඇති මැතිවරණ ක්‍රමයේ සංශෝධන පිළිබඳව මෙහිදි සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවයි මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් ජි පුංචිහේවා ප්‍රකාශ කළේ.