අද වන විට රටේ ජනතාව ජීවත් වෙන්නේ ආර්ථික වශයෙන් ඉතාමත්ම බරපතළ අභියෝගයකට ලක් වූ රටක බව අද (04) දින විපක්ෂ නායක කාර්යාලයේ පැවති සර්ව පාක්ෂික එකමුතුවේ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය.

ඒ පිලිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර ප්‍රියදර්ශන යාපා මහතා.

අද වන විට රටේ ජනතාව ජීවත් වෙන්නේ ආර්ථික වශයෙන් ඉතාමත්ම බරපතළ අභියෝගයකට ලක් වූ රටක. මේ සඳහා විසඳුම් සෙවීම සඳහා සාකච්ඡා රට ඇතුලේ පවතිනවා .මෙවැනි අවස්ථාවක අපි හිතනවා ලංකාවේ පසුගිය කාලයේ කොළඹ නගරයේ හා අනිකුත් ප්‍රදේශවල ඇතිවුණු ජන උද්ඝෝෂණ වල මූලික හර පද්ධතිය තියෙන්නේ ආර්ථික අපහසුතාවයන් ගැන ඒක අද වෙනදට වඩා සමාජයේ සෑම පුද්ගලයෙකුටම දැනෙනවා එවැනි අවස්ථාවක තමයි රටක් වඩා ප්‍රජාතන්ත්‍රවාදී විය යුත්තේ. අද අපි කවුරුත් පිළිගන්නවා සමාජය ඕනම කෙනෙකුට තමන්ගේ අදහස් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න ඕන කරන නිදහස කවුරුත් ගන්නවා. ඊයේ ගරු ජනාධිපතිතුමා ගේ පාර්ලිමේන්තු කතාවේදීත් එය ප්‍රකාශ වුණා. ඒක හොඳ දෙයක් ,ඒක ප්‍රචණ්ඩත්වයට යන්නේ නැතිව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් යටතේ තියෙනවා නම් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හොඳ දෙයක් .එම අයිතිය නීතියේ තියෙන සමහර වගන්ති වලින් උල්ලංඝණය වෙනවා නම් ඉතාම කණගාටුදායක කරුණක් ඒ අතරතුර අපි දකිනවා අද වෙනකොට සමහර තැන් වල වෙඩි තැබීම්වලින් මියයාම ගණනාවක් වාර්තා වෙනවා. ඒවා කවුද කරන්නේ කියන එක පරික්ෂා කිරීම පොලිසියක ප්‍රධාන වගකීමක් හැටියට සලකනවා .මොකද ප්‍රජාතන්ත්‍රවාදයේ එක දෙයක් තමයි කාටත් නිදහසේ ජීවත් වෙන්න තියෙන ඉඩකඩ ආරක්ෂා කිරීම. ඒ නිසා අපි කවුරුත් අද ඉන්නේ එක්තරා විදිහක වෙනස් වුණු සාධක සහිත කාලපරිච්ඡේදයක.ඒ නිසා ඒ සාධක සහිත කාල පරිච්ඡේදය අපි සෑම විටම හොද ක්‍රියාවන් සියල්ලටම සහය දෙන්න ලෑස්ති හැබැයි ඒ වගේම ඒ තුළ ප්‍රජාතන්ත්‍රවාදය ගුණය ඉස්මතු වීම වැදගත් කියලා අපි සියලුදෙනා කල්පනා කරනවා ඒක උල්ලංඝනය වෙන කාරණා වලදී අපි ඒ ගැන අපේ විරෝධතාව ප්‍රකාශ කරනවා සහ අපේ අදහස් අපි කියනවා. මොකද අපි විසිඑක් වැනි ශතවර්ෂය ඉන්නේ එහිදී ලෝකය පුරාම අදහස් ප්‍රකාශ කිරීම පිළිබඳ විවිධ අලුත් මතයන් ඉදිරිපත් කරලා තියෙනවා ඒ නිසා ඒ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සාකච්ඡා කිරීමේ නිදහස ප්‍රකාශනයට පත් කිරීමේ නිදහස පෙළපාලියට ඇති නිදහස සහ ඒ සම්බන්ධයෙන් ගතවන සියලු දේ අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂාවක් කර දී තිබෙන අපේ අයිතිවාසිකම්. ඒවා රැකීම සඳහා අපි කවුරුත් එකතු වෙලා ඉන්න ඕන ඒ අනුව ඊට එහා පැත්තෙන් රජයක් විසින් කරන්නා වූ යම් යම් නෛතික ක්‍රියා වලින් අසාධාරණ නම් අපිට පේන විදිහට අපි ඒ සම්බන්ධයෙන් විරෝධතාවය ප්‍රකාශ කිරීම අපේ අදහසක් වගකීමක් වෙනවා ඒ නිසා අපි ඉන්න දැවැන්ත ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න ඔක්කොම එකට වැඩ කරන්න ඕන ඒ වගේම අපි ජනතාවගේ බලාපොරොත්තු සහ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමත් එලෙසම කළ යුතුයි.