වත්මන් ජනාධිපතිවරයා බලයට පැමිණ  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පළමු යෝජනාව වූ හදිසි නීතිය දීර්ඝ කිරීමේ විවාදය වැඩි ඡන්ද 57කින් පාර්ලිමේන්තුව තුළ සම්මත වූයේය.

හදිසි නීතිය දීර්ඝ කීරීමට පක්ෂව ඡන්ද 120ක් ද ඊට එරෙහිව ඡන්ද 63ක් ද ලැබී තිබිණි.

මේ අනුව හදිසි නීතිය දීර්ඝ කිරීමේ යෝජනාව වැඩි ඡන්ද 57කින් සම්මත  විය.

මෙම ඡන්ද විමසීමේදී  ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කරන පක්ෂ නායකයින් නව දෙනාගේ  කණ්ඩාමේ විමල් වීරවංශ, හදිසි නීතියට පක්ෂව ඡන්දය දුන්නේය.

ආණ්ඩු පක්ෂයේ මතයෙන් වෙන් වී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට එරෙහි අපේක්ෂකත්වය දැරූ ඩලස් අලහප්පෙරුමත්, ඔහු යෝජනා කළ ජී.එල්. පීරිස් සහ

ඩිලාන් පෙරේරා නාලක ගොඩහේවා ද  හදිසි නීතියට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය.

හදිසි නීති අණපනත් අනුව එය ක්‍රියාත්මක අවස්ථාවේ දී පොලිස් නිලධාරීන්ට අමතරව ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ටත්, සිවිල් ක්‍රියාකාරකම් ප්‍රචණ්ඩක්‍රියා, උද්ඝෝෂණ,  මර්දනය කිරීම සඳහා බලය යෙදවීම මෙන්ම සැකකරුවන් අත් අඩංගුවට ගැනීමේ බලය ද හිමි වේ. .