තමන් කිසිදු විටෙක අරගලය පාවා නොදුන් බවත්, ඉදිරියටත් එය වෙනස් නොවන බවත් අරගලකරුවන්ට විපක්ෂ නායකගෙන් පොරොන්දුවක් ලබා දී තිබේ .

පුරවැසි අරගලය නියෝජනය කරන කණ්ඩායම් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් අද(18) පෙරවරුවේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී සිදුවිය.

මෙම සතිය තුළ මෙරට අනුප්‍රාප්තික ජනාධිපති වරයා පත් කර ගැනීමේ කටයුත්ත සිදු වන අතර අරගලයේ පුරවැසි කණ්ඩායම් විසින් ඔවුන්ගේ ස්ථාවරය විපක්ෂ නායක තුමා වෙත දන්වා සිටියේය.

තමන් හෝ තම පක්ෂය හෝ තම සන්ධානය හෝ කිසිම අවස්ථාවක අරගලයේ ඉල්ලීම් පාවා නොදුන් බව පැවසූ විපක්ෂ නායකතුමා ඉදිරියටත් එය සිදු නොවන බවද පැවසීය.