අද ශ්‍රී ලංකාවේ ජනතාව සරණාගතයෝ බවට පත් කලේ රාජපක්ෂලා බව අද (20) රට බේරා ගැනීමේ මෙහෙයුම විපක්ෂනායක කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසිය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වූ ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.
අද ලෝක සරණාගත දිනය. අද ශ්‍රී ලංකාවේ ජනතාව සරණාගතයෝ බවට පත් කරපු ගෝඨා මේ රාජපක්ෂ ජනාධිපතිවරයාට තවදුරටත් මේ රට පාලනය කිරීමට ජනතාවගේ කිසිදු සහයෝගයක් නැති බව නැවතත් ඉතාමත් තදින් අවධාරණය කරනවා.
රටේ ආර්ථික තත්ත්වය මෙවැනි පහත් තැනකට ගෙන එන්න මූලිකවම කටයුතු කළේ වෙන කවුරුත් නෙමෙයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා. දැන් ඔහු මේ රට ගොඩ ගන්න කියලා නැවතත් අලුත් ආණ්ඩුවක් පත් කරලා තියෙනවා රනිල් වික්‍රමසිංහ අගමැති තුමාගේ මූලිකත්වයෙන්. හැබැයි දැන් මාසයක් ගිහින් තියෙනවා අපිට පේන දේ තමයි කිසිවිදියකටත් ජනතාව බලාපොරොත්තු වෙච්ච ආකාරයට රට ගොඩගන්න ආර්ථිකය ගොඩ ගන්න වැඩපිළිවෙළක් ධනාත්මකව ක්‍රියාත්මක වෙන්නේ නැහැ.
ඒ නිසා ජනතාව තීරණය කරලා ඉවරයි මින් එහාට මේ කණ්ඩායමට බලාපොරොත්තු වුන විදියට ගොඩ ගැනීමේ හැකියාවක් නැති බව. ඒ නිසා අපි නැවතත් අවධාරණය කරනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ රජය ඉවත්විය යුතුයි.ඉන් පසු කෙටිකාලීනව අන්තර්කාලීන සියලු පක්ෂ එකතු වෙච්ච සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහි කළ යුතුයි .එය පිළිගත්ත පොදු වැඩපිළිවෙළක් සඳහා ඊලග ජනමතය ලබාගන්නා තුරු ක්‍රියාත්මක විය යුතුයි.
අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සාකච්ඡා කරන්න පටන් ගන්නවා රජයත් සමඟ. ඔවුන් සමග ඒ සාකච්ඡා වලට ණය ප්‍රතිව්‍යුහගත කිරීමට පැමිණිලා ඉන්න නීති කණ්ඩායම සහ උපදේශකවරුන් එකතු වෙනවා. ඔවුන් බලාපොරොත්තු වෙන්නේ මේ මාසයේ අන්තිම වෙනකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන්ගේ එකඟතාවයක් සඳහා පැමිණෙන්න කියන එක. ඊට පස්සේ ඔවුන් විශ්වාස කරනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුදල් ලබා ගන්න වැඩකටයුතු පටන් ගන්න. නොයෙකුත් අය ඒ සම්බන්ධව අදහස් පළකරනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිල මතය තමයි කවදාද ලැබෙයිද කියන එක පිළිබඳ මතයක් ප්‍රකාශ කරන්නේ නැහැ .සමහරු කියනවා මාස දෙකක් යයි මාස හයක් යයි කියනවා ඊටත් වඩා කල් යාවි කියනවා. හැබැයි කරුණාකරලා මම මතක් කරන්න කැමතියි අපි මේ සම්බන්ධයෙන් රජයට අනතුරු ඇඟෙව්වේ 2020 නොවැම්බර් මාසේ ඒ අවස්ථාවේදී අපි රජයට පෙන්වා දුන්නා කරුණාකරලා මේ ප්‍රශ්නය මීට වඩා බැරෑරුම් වෙන්න කලින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න රටේ තියෙන ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා කටයුතු කරන්න කියලා එය අවස්ථා ගණනාවක දී කිව්වා හැබැයි ආණ්ඩුව අපට එදා හිනා වුණා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තමයි එදත් රට පාලනය කරේ. රට ගොඩ ගන්න බැරි තත්වයට වැටිලා තියෙනවා එය සියලුම දෙනාට තේරෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුදල් ලබා ගැනීම සඳහා බොහෝ දේ රට තුළ සිදු කරන්න වෙනවා. එක පැත්තකින් ණය ප්‍රතිව්‍යුහගත කරන්න ඕන ඒ වගේම paris club කියන ජපානය රටවල් සමග කතා කරන්න ඕන චීන ඉන්දියාව සමග සාකච්ඡා කරන්න ඕන එම සාකච්ඡා යන ගමන් අනිත් පැත්තෙන් පාර්ලිමේන්තුව හරහා රාජ්‍ය මූල්‍ය පෙති සංස්කරණයක් කරන්න ඕන. උදාහරණ විදියට අද වෙන විට ඉදිරිපත් කරල තියෙන දත්ත අනුව පේනවා ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව බදු ආදායම 8.3%ඒ කියන්නේ ලෝකය අඩුම ආදායම් ප්‍රතිශතයක් තමයි තියෙන්නේ ඒක අපි සංසන්දනය කළොත් දියුණු වෙන රටවල් සාමාන්‍ය 20% අපේ කලාපය තියෙන රටවල් භූතානය නේපාලය පවා අපිට වඩා වැඩියි. තායිලන්තය සිංගප්පූරුව මැලේසියාව වගේ රටවල් ප්‍රතිශතය 20% ඉක්මවා තියෙනවා. එහිදී මේක කරන්න වෙන්නේ අති විශාල ප්‍රතිසංස්කරණයක් එය කරන්න නම් අපි රට ගැන හිතනවා නම් සර්වපාක්ෂික කණ්ඩායමක් අවශ්‍ය වෙනවා. ඒ කණ්ඩායම හදාගන්න නම් අපිට ජනාධිපතිවරයා ගේ ඉවත් වීම හරහා කලින් කිව්වා වගේ සියලු දෙනා එකතු විය හැකි අවස්ථාවක් නිර්මාණය වෙන්න සිද්ධ වෙනවා.
ඒ නිසා අපි නැවතත් කියන්නේ මේ රටේ ආර්ථික ප්‍රශ්න ඉදිරි මාස 12, 24, 36 ඉතාමත්ම අමාරු තැනකින් ගොඩගන්න නම් හැකියාව තියෙන සර්වපාක්ෂික කණ්ඩායමකට අවස්ථාව ලබා දෙන්නම සිද්ධ වෙනවා එම නිසා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඇතුළු රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව ඉවත් වෙලා ඒ වෙනුවට සර්වපාක්ෂික කෙටිකාලීන අන්තර් පාලන ආණ්ඩුවක් අවශ්‍ය වෙනවා තෝරාගත්ත වැඩපිළිවෙළක් සඳහා ඉදිරියට ගිහිල්ලා හැකි පළමු අවස්ථාවේදීම ජනතා මතයට අනුව දීර්ඝකාලීන රජයක් පිහිටුවා ගැනීම සඳහා.