අනුර කුමාර දිසානායක මහාතා සමගි ජන බලවේගයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අභූත චෝදනා එල්ල කරන්නේ වෙනම අරමුණිකින් බවත් රාජපක්ෂවරුන්ගේ වංචා දුෂණ වලට ජනතා විමුක්ති පෙරමුණ වගකිව යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි .

ඔහු වැඩි දුරටත් කියා සිටියේ ,

“අනුර කුමාර දිසානායක මහතාගේ දේශපාලන ප්‍රතිවාදියාගේ චරිතය ඝාතනය කරන්න ඒ දේශපාලන ප්‍රතිවාදියාට අභූත චෝදනා කරන්න ඒ ෆයිල් අස්සේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ෆයිල් එකක් තියෙනවා කියලා පෙන්නලා එතුමා ඒ කරන්න හැදුවේ වෙනම ගේම් එකක් ඒකයි මෙතන තියෙන ප්‍රශ්නය. එහිදී එතුමා උත්සාහ කළේ එතුමාගේ දේශපාලන ප්‍රතිවාදියාගේ චරිතය ඝාතනය කරන්න ඇත්තටම සජිත් ප්‍රේමදාස මැතිතුමා එවැනි වංචා දූෂණ වලට ලක් වෙලා තියෙනවා නම් නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා කිව්වා වගේ ඒ සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂකවරුන් අත්සන් කරල අනුමැතිය ලබාදීලා තියෙනවා. අනුර කුමාර දිසානායක මැතිතුමා ප්‍රශ්න කළෙත් මෙහි අනුමැතිය ලබා දීලා නැහැ කියලා එහිදී එතුමා ඒ කරපු ව්‍යාපෘති ගැන නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ අනුමැතිය ගැන ඒ කියන්නෙ පරිපාලනමය ප්‍රශ්නයක් සජිත් ප්‍රේමදාස මැතිතුමා අධ්‍යක්ෂක මණ්ඩලයෙන් අනුමැතිය අරගෙන මේ මුදල් වියදම් කරාද නැද්ද කියන ඒකයි තියෙන ගැටලුව .එහි පරිපාලන ගැටලුවක් තියෙන්නේ එතැන නැහැ සජිත් ප්‍රේමදාස මැතිතුමා මුදල් ගෙදර අරන් ගියා කියලා, එතුමාගේ පෞද්ගලික දේවල් වලට වියදම් කරා කියලා චෝදනාවක් නැහැ ඒ වියදම් කරපු හැම මුදලකටම ව්‍යාපෘතියක්ම අද ලේඛනගත වෙලා තියෙනවා. ඒ සියලු පොත්පත් තියෙනවා ඒ ලබා දීපු ස්ථාන තියෙනවා ඒ සියල්ල තියෙද්දි තියෙන එකම කරුණ තමයි එතුමා අනුමැතිය ලබා ගෙන නොමැතිව මුදල් වියදම් කරා කියන කාරණය තමයි අනුර කුමාර දිසානායක මැතිතුමා ප්‍රශ්න කළේ. ඒකට තමයි අපේ නලින් බණ්ඩාර මන්ත්‍රිතුමා පෙන්නුවෙ අනුමැතිය අරගෙන තමයි පරිහරණය කරලා තියෙන්නෙ කියලා. ඒ නිසා අපි කියනවා අනුර කුමාර මන්ත්‍රීතුමාගේ ඒ විග්‍රහය පිළිබඳව එකක් මතක් කරනවා ඔබතුමාට එතුමා ඒ තෝරපු ෆයිල් අතර එතුමා සුනාමි වංචාවෙන් ෆයිල් එක එලියට ගත්තේ නැහැ මේ රටේ 2005 ට කලින් මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති වෙලා ඉන්න කාලේ මේ රටේ වෙච්ච විශාල වංචාවක් තමයි සුනාමි වලට ආපු මුදල් එතුමා අවභාවිතා කරා කියලා එතුමාගේ පෞද්ගලික ගිණුමට එතුමා දාගත්තා කියන චෝදනාවක් පිළිබඳව ඒ ගැන හිටපු අග්‍රවිනිශ්චයකාර සරත් එන් සිල්වා මැතිතුමා කණගාටුවට පත්වුණා එහිදී අපට පේන්න තියෙන දේ තමයි ජනතා විමුක්ති පෙරමුණේ නායක තුමා ඇයි සුනාමි වංචාව ගැන ඊයේ කතා කළේ නැත්තේ ඒවායින් එක ඇත්තේ 2005 ජනාධිපති මැතිවරණයට මහින්ද රාජපක්ෂ මහත්තයා ඡන්දයට ඉදිරිපත් වෙනකොට ඔය චෝදනාව යටතේ තමයි ජනාධිපති මැතිවරණයට ආවේ මහින්ද රාජපක්ෂ මහත්තයට සුනාමි ගනුදෙනු මේ චෝදනාව තියෙනකොට තමයි ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ අගමැති මහින්ද ජනපති කරමු කියලා ඒ චෝදනාව තියෙද්දි තමයි දළදා මාලිගාව ඉස්සරහට ගිහිල්ලා ජනතා විමුක්ති පෙරමුණ මහින්ද රාජපක්ෂ එක්ක ගිවිසුම අත්සන් කෙරේ එතකොට ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ ජනාධිපතිවරයා හොරෙක්ව දූෂිතයෙක් චෝදනා තියෙන පුද්ගලයෙක්ව මේ රටේ ජනාධිපති කරලා දැන් ඇවිත් කියනවා මහින්ද රාජපක්ෂ හොරකම් කරා කියලා ෆයිල් ටිකක් දානවා එළියට එහෙම නම් ජනතා විමුක්ති පෙරමුණත් මේ වගකීම බාරගන්න ඕන.”

යනුවෙන් ඊයේ විපක්ෂ නායක කාර්‍යලයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් පැවසීය .